Top 5 This Week

spot_img

Related Posts

ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුම නවතී

ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර පසුගිය ජූලි මාසයේදී එළැඹි වෙළෙඳ ගිවිසුම අත් හිටුවීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණයක් ගෙන ඇතැයි පැවැසෙයි. ග්‍රීන්ලන්තය හේතුවෙන් ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතුව ඇති අර්බුදය එයට හේතුව වී ඇත.

වෙළෙඳ ගිවිසුම අත් හිටුවීමේ තීරණය අද (21) ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග්හිදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

තීරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතුව ඇති අර්බුදය තවත් උත්සන්න වීමේ අවදානමක් මතුවනු ඇතැයි පැවැසෙයි.මෙම අර්බුදය දැනටමත් වෙළෙඳපොළවල් කැළඹීමට ලක් කර ඇත.

ඇමෙරිකාව යුරෝපා සංගමයට පැනවූ සියයට 30 ක තීරු බද්ද සියයට 15 දක්වා අඩු කිරීමටත්, ඒ වෙනුවෙන් යුරෝපා සංගමය ඇමෙරිකාව තුළ ආයෝජන සිදු කිරීමටත්, ඇමෙරිකාවේ අපනයනයන්ට වැඩි වශයෙන් යුරෝපා සංගමයේ දොර ඇරිමටත්, එම ගිවිසුමෙන් දෙපාර්ශ්වය එකඟ වී තිබිණි. කෙසේ වෙතත් එය ක්‍රියාත්මක කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වූ අතර ග්‍රීන්ලන්ත අර්බුදයත් සමග යුරෝපා පාර්ලිමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

 

Popular Articles