Top 5 This Week

spot_img

Related Posts

වර්තමාන ලාංකීය දේශපාලන හා සමාජීය වාතාවරණය

මාලිමා ජවිපෙ රජය, පැරණි පරම්පරාවන් අතින් සිදුවූ වැරදි හෝ ඔවුන් මත පැටවුණු තිස් අවුරුදු යුද්ධයේ බර, හා එහි වගකීම් වර්තමාන ලාංකීය තරුණ පරම්පරාවට උරුම කර දීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට තිබේ.
සිංහලුන් පමණක් නොව මුස්ලිම් හා විරුද්ධවාදී දමිළ කණ්ඩායම් පවා සංහාරය කල ප්‍රභාකරන් නම්දැනටත් රටවල් 33 ක තහනම් ත්‍රස්ත සංවිධානයක නායකයාගේ නිවස රජයේ වියදමින් නොහොත් ජනතා බදු මුදලින්  පිළිසකර කිරීමට වත්මන් රජය සූදානම් වේනම් එයින් ඉහත කරුණ පිලිබිඹු නොවන්නේද ?

විදේශීය බලපෑම්

ඒ පිටුපස ඇති විදේශීය බලපෑම් (ඩයස්පෝරා මැදිහත්වීම් වැනි) සහ දේශපාලන ව්‍යාපාරවල භූමිකාව පිලිබඳව මාලිමා ජවිපෙට සහයෝගය දුන් නොදුන් සියලු පාර්ශව වලට දැන් නැවත විමසා බැලීමට කල් එලඹ ඇත.පසුගිය මැතිවරණ සමයේදී තරුණ පරම්පරාවේ විශාල ආකර්ෂණයක් දිනාගත් මාලිමා ජවිපෙ පිළිබඳව දැන් ඇතැම් පිරිස් නැවත සිතා බලමින් සිටින බව සමාජ මාධ්‍ය හරහා පමණක් නොව පොළවේ යතාර්ථයට මුහුන දෙමින් සිටින ජනයා පලකරනා අදහස් අනුව විශේෂයෙන් පෙනෙන්නට තිබේ
මාලිමා ජවිපෙහි  “කටින් බතල සිටුවනප්‍රතිපත්තිය සහ රටේ තීරණාත්මක අවස්ථාවලදී ඔවුන් දක්වනනිවටපිළිවෙත නිසා වත්මන් රජය දැන් දැන් ජනතා අප්‍රසාදයට බෙහෙවින් ලක්වෙමින් ඇත.
වර්තමාන විදේශ ප්‍රතිපත්තිය, විශේෂයෙන්ම ඉන්දියාව සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් (MoU) හරහා ලංකාවේ ස්වාධීනත්වය පාවා දී ඇති අතර , මෙයකොන්ද නැමීමක්ලෙස ලාංකීය ජනතාව දකින්නේ, මින් පෙර කිසිදු රජයක් මෙතරම් විවෘතව ඉන්දියානු න්‍යාය පත්‍රයකට නතු නොවූ නිසාය.
2025 අප්‍රේල් මස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ මෙම ගිවිසුම් 7 හුවමාරු විය. මෙහි ඇති විශේෂත්වය වන්නේ නිදහසෙන් පසු විදේශීය රටක් සමඟ ශ්‍රී ලංකාව අත්සන් කළ ප්‍රථම විධිමත් ආරක්ෂක සහයෝගීතා ගිවිසුම මෙයට ඇතුළත් වීමයි.මෙම ගිවිසුම් ආරක්ෂක, බලශක්ති, ඉන්දියාව සමගින් ත්‍රිමලේ බලශක්ති මධ්‍යස්ථානය සංවර්ධනය, ඉන්දියානු මැදිහත් වීමෙන් වන ඩිජිටල් පරිවර්තනය, සෞඛ්‍ය හා ඖෂධ (ඉන්දියානු Pharmacopoeia), සහ ඉන්දීය ආධාර තුලින් නැගෙනහිර පලාත සංවර්ධනය ලෙස නම් කල හැක.

රහස් ගිවිසුම්

මේවායේ අනික් විශේෂත්වය වන්නෙ ඒවායේ අන්තර්ගතය ලාංකීය ජනතාවට මේ රජය විසින් තව අදටත් විවෘතව ඉදිරිපත් නොකිරීමයි
විපක්ෂයේ සිටියදී විනිවිදභාවය සහරහස් ගිවිසුම්වලට එරෙහිව දැඩි ලෙස හඬ නැගූ ඔවුන්, බලයට පත්වීමෙන් පසු අනුගමනය කරන මෙම පිළිවෙත සිවිල් සමාජයෙහි බරපතල කතාබහකට ලක්ව ඇත.
මෙම ගිවිසුම් හරහා ශ්‍රී ලංකාව ඉන්දියාවේකක්ෂයට” (orbit) වඩාත් තදින් ඇතුළු වන බවත්, එමඟින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සීමා විය හැකි බවත් දේශපාලන විචාරකයින් පවසති. විශේෂයෙන්ම ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් රට තුළ දැඩි සංවාදයක් ඇතිවෙමින් පවතී.
ගිවිසුම් රහසිගතව තබා ගැනීම සම්බන්දයෙන්කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනුයේ, ද්විපාර්ශ්වික ගිවිසුම්වල අන්තර්ගතය හෙළි කිරීමට නම් ඉන්දියාවේ ද එකඟතාවය අවශ්‍ය බවයි.විශේෂයෙන්ම ආරක්ෂක සහයෝගීතා ගිවිසුම (Defence Cooperation MoU) වැනි සංවේදී ලේඛන ප්‍රසිද්ධ කිරීම ජාතික ආරක්ෂාවට බලපෑ හැකි බව රජයේ ස්ථාවරයයි.

ඉන්දියානු ව්‍යාප්තවාදය

ජවිපෙ/මාලිමාව (විශේෂයින්ම ජවිපෙ පෙර කල මරාගෙන මැරෙන සටනකින් එදිරිවූ) අතීතයේ සිටම ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව පෙනී සිටි පක්ෂයක් වුවද, බලයට පත් වී මාස කිහිපයකින් මෙවැනිරහස්ආරක්ෂක ගිවිසුම්වලට එළඹීම ඔවුන්ගේදේශපාලන අවංකභාවයප්‍රශ්න කිරීමට හේතු වී ඇත.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) හරහා මෙම ගිවිසුම් ලබා ගැනීමට ඉදිරිපත් වූ ඉල්ලීම් ද රජය විසින් ප්‍රතික්ෂේප කිරීම ජනතාවගේ සැක ත්‍රීව්‍ර කිරීමට තුඩු දී ඇතතවද, මෙම වැදගත් ගිවිසුම් පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීම ප්‍රජාතන්ත්‍රවාදී වගවීම උල්ලංඝනය කිරීමක් ලෙස විවේචකයින් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් කිරීම සහ විදුලි පද්ධති අන්තර් සම්බන්ධ කිරීම (HVDC) හරහා ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ඉන්දියාවේ පාලනයට නතු වීමේ අවදානමක් පවතින බවට මත පළ වේ.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දියාව සමඟ විධිමත් ආරක්ෂක ගිවිසුමක් (Defence MoU) අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය (Non-Aligned Policy) බිඳ වැටීමේ අවදානමක් පවතී.ඉන්දියානු සාගරයේ බල අරගලය සලකා බලන විටද ඉන්දියාව සහ චීනය අතර පවතින සීතල යුද්ධය මැද, ලංකාව ඉන්දියාවේ ආරක්ෂක හවුල්කරුවෙකු වීම, අනාගතයේදී චීනය වැනි රටවල් සමඟ පවතින ආර්ථික සබඳතාවලට බාධාවක් විය හැකියි.ගිවිසුම්ගත කරුණු රහසිගත බැවින්, හදිසි අවස්ථාවකදී ඉන්දීය හමුදාවන්ට ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කිරීමට අවසර ලැබී තිබේද යන්න ජනතාව තුළ පවතින ලොකුම සැකයයි.
ලාංකිකයින් සැම නැවතත් කොහෙවත් යන යුද්ධයකින් (ඉන්දියාව හවුල් වන) බැට කෑමට මෙවැනි කාරණා නිසා ඇති ඉඩ ගැන දැන් වඩා අවධානය යොමු කිරීමට කාලයයි.
~ The News Girl ~

Popular Articles