පුනරුද රජයේ අධිකරණ කේෂ්ත්‍රයේ පැහැදිලි වෙනසක් ආරම්භ වන කාලසීමාවක් හෙටින් ආරම්භ වන බව වාර්තාවේ. අවාසනාවකට එය අධිකරණයේ ස්වාධීනත්වයට පෙර කිසිදු පාලනයක් යටතේ නොවූ තරම් අත පෙවීමක් බව අප අධිකරණ වාර්තාකරු පවසයි.
පසුගිය සිකුරාදා පස්වරුවේ මේ පිළිබද ඉතා වැදගත් රහසිගත සාකච්ඡාවක් අගවිනිසුරු පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස් , අගවිනිසුරු ලේකම් ආනන්දි කනගරත්නම් යන අයද මේ සාකච්ඡාවට එක්වී ඇත.
ලංකා ජයරත්න , මංජුල තිලකරත්න, රශ්මි සිංගප්පුලි, මොහොමඩ් මිහාල්,උදේශ් රණතුංග , බුද්ධික ශ්‍රි රාගල , ඇතුළු විනිසුරුවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.
එහිදී අගවිනිසුරුවරයා විනිසුරුවරුන් ට දැනුම් දී ඇත්තේ, තමන් යටතේ පවතින ප්‍රසිද්ධ පුද්ගලයන්ට අයත් සියළුම නඩු වාර්තාවල ලැයිස්තුවක් සදුදා [23] දින සවස 4ට පෙර තමන් වෙල ලැබීමට සලස්වන ලෙසයි.
රජයේ අරමුණ හැකි ඉක්මනින් මෙම නඩු කටයුතු අවසන් කිරීම බවත් ඒ සදහා කටයුතු කඩිනම් කරන බවත් අගවිනිසුරුවරයා දැනුම් දී ඇත. ඉක්මනින් මෙම ප්‍රසිද්ධ චරිත වරදකරුවන් කල යුතු බව අග විනිසුරුවරයා අවධාරණය කර ඇත. දේශපාලනීකරණය නොවූ තනතුරකින් මෙවැනි ඉල්ලීමක් සිදුවීම අනගතයේ සිදුවන සාමාජයීය අනතුරක සේයාවක් බව අප අවධාරණය කර සිටිමු.
අධිකරණ ඇමතිවරයාද පසුගියදා ප්‍රකාශකලේ වර්තමාන අගවිනිසුරුවරයා යටතේ නඩු පවරනවාට වඩා ඉක්මනින් නඩු අවසන්වන බවයි.
මේ අතර අධිකරණ සේවා කොමිසමේ ඉහල නිලධාරියෙකු සහ රජයේ දේශපාලන අධිකාරියේ අති ප්‍රබලයෙකු අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී අගවිනිසුරුවරයා හට සේවා දිගුවක් ලබාදීමේ හැකියාව ගැන ද සාකච්ජා වී ඇත.
” සී.ජේ. වැඩේට උනන්දුයි. එක්ස්ටන්ෂන් එකක් දුන්නොත් ඔය උනන්දුවෙන් ඉක්මනින් වැඩ ටික ඉවරකර ගන්න පුලුවන් ” යැයි එහිදී සාකච්ඡා වී ඇත.

