Top 5 This Week

spot_img

Related Posts

කතානායක සිදුවීම ගැන විදෙස් තානාපති අංශවල අවධානයට

කතානායකවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ප්‍රමාද කිරීම නිසා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම දෙපසකට බෙදී ඇති බව වාර්තා වේ.මේ අතර , සභා නායක බිමල් රත්නායක මහතා සෘජුවම මෙම සිදුවීමේදී කතානායක ජගත් වික්‍රමරත්න වෙනුවෙන් පෙනී සිටීම ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනාගේ දැඩි විමතියට හේතු වී තිබේ.

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න ඉවත් කිරිම ගැන විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව සභානායක කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

එම පරීක්ෂණය මෙහෙයවීම පාර්ලිමේන්තු මහලේකම් කුෂානි අනූෂා රෝහණධීර මහත්මියට පැවරී ඇති අතර එහිදී තමාට වාසි සහගත ලෙස කටයුතු කරන ලෙස කතානායක ගෙන් ලද ඉල්ලීම කුෂානි රෝහණධීර එකහෙලා ප්‍රතික්ෂේප කර ඇත. පසුව ජේෂ්ඨ අමාත්‍යවරයෙකු හරහාද එම ඉල්ලීම ඉදිරිපත් වී ඇති අතර එයද ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව රෝහණධීර මහත්මියට තානාපති තනතුරක් ලබා දීමට යෝජනාවක් ගැන බිමල් රත්නායක මහතාගේ කාර්යාලයේ සාකච්ඡා විය.

පාලනය කල නොහැකි තත්වයක් උද්ගතවුවහොත් මුහුණ දීම සදහා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මියගේ දූෂණ හෝ අක්‍රමිකතා සොයා බැලීමටද එක් ඇමතිවරයෙකුට පවරා ඇත.

එහිදී එක් ඇමතිවරයෙකු පවසා ඇත්තේ ඇය රාජකාරී අවශ්‍යතා සදහා විදේශගතවන අවස්ථාවන් වල ඇයගේ ස්වාමි පුරුෂයා වන හරිගුප්ත රෝහනධීර මහතා ද එක්ව ඇත්දැයි තොරතුරු සොයාබලන ලෙසටය .නමුත් සභානායක කාර්යාලයේ ඩාක් රූම් තොරතුරු සේවා සනාථකලේ මේ දක්වා රෝහණධීර මහත්මියට එරෙහිව කිසිදු වරදක් සොයාගත නොහැකිව ඇති බවයි.

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයේ දුරකතන සියල්ල රහසිගතව සවන්දීමට ටැප් කර ඇති බවද වාර්තා වේ.

ශ්‍රීලංකාවේ කතානායකවරයාගේ සිදුවීම විදේශ තානාපති අංශවලද කතා බහට ලක්ව ඇති අතර අප කණ්ඩායම සමග සමීපව කටයුතුකරන යුරෝපීය රටක තානාපති නිලධාරියෙකු කියා සිටියේ චමින්ද කුලරත්න මහතා සතුව වීඩියෝ සාක්ෂි ඇති බැවින් ඔහුගේ ආරක්ෂාව පිළිබඳ ඔවුන් දැඩි අවධානයෙන් පසුවන බවයි.

මේ අතර , චමින්ද කුලරත්න ඉවත් කිරිමට ගත් වැරදි පුර්වාදර්ශය සම්බන්ධයෙන් මාලිමාවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ විපක්ෂ ක්‍රියාකාරින් කිහිප දෙනෙකු කොළඹ ව්‍යාපාරිකයෙකු නිවසේ හමුවි සාකච්ඡාවක් පවත්වා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරන ලදි.

නිදහස් දින සැමරුම සදහා කොළඹට පැමිණ සිටි අදාල මන්ත්‍රීවරුන් පසුගිය මැතිවරණ දෙකෙහිදම මාලිමාවට පක්ෂ කටයුතු කල සමාජ ක්‍රියාකාරින් සමග හමුවක් ව්‍යාපාරිකයෙකුට අයත්  කොල්ලුපිටියේ නිවසක පවත්වා ඇති අතර ඒහි ප්‍රධාන අරමුණ වි ඇත්තේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් පක්ෂයේ විනය ක්‍රියාත්මක විම පිළිබඳව සාකච්ඡා කිරිමයි.

විනය ක්‍රියාත්මක විම ප්‍රශ්ණ සහගත බවත් යම්,යම් අවස්ථාවලදි පක්ෂයේ විනය ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාට හෝ JVP ප්‍රධාන ලේකම්වරයාට අවශ්‍ය වන අකාරයට පමණක් බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.

වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා සහ ඔහුගේ රියදුරු අතර ඇති ලිංගික ගණුදෙනු සහ විවිධ විෂමචාර අනාවරණය විමත් එය අනාවරණය කලේ යැයි ද්වේෂයෙන් නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න ඉවත් කිරිමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මාලිමාවේ පසුපෙල මන්ත්‍රීවරුන් කනස්සල්ලට පත්ව සිටින බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහල පෙලේ කණ්ඩායම් වලින් කල විමසිම් වලදි පිළිතුරු නොදි පැන් යැමේ තත්ත්වයක් දකින්නට ඇති බවද ඔහුන් එහිදි සාකච්ඡා කර තිබේ.

හිටපු කතානායක අශෝක රංවල සම්බන්ධයෙන් ප්‍රශ්ණ සහගත තත්ත්වයක් පැන නැගි අවස්ථාවේදි ඔහු සතුව ආචාර්‍ය උපාධියක් ඇති බවත් එය සහතික කර ලබාගැනිම සදහා කාලයක් ගතවන වත් පවසමින් ප්‍රශ්ණයෙන් මගහැර ගිය බවද එහිදි මතක් කර ඇති අතර අවසානයේ වසරකට පමණ පසුව ඔහු ආචාර්‍යවරයෙකු නොවන බවත් මුලික උපාධිය පවා ලබාගෙන නොමැති බවට අනාවරණය වුවත් පක්ෂ කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගෙනම කල මැරු බවටද එහිදි චෝදනා කර තිබේ.

දිගින් දිගටම මේ කාරණා මතුකරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂය තුලද ද්වේශය ඇතිවන අකාරයෙන් විවිධ කණ්ඩායම් කටයුතු කරන බවත් ඒ හෙතුවෙන් මාලිමාවේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන නිහාල් අබේසිංහ හමුවි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමටද මෙම කණ්ඩායම මෙහිදි එකඟතාවයක් ඇතිකරගෙන තිබේ.

-Dark Room දේශපාලන වාර්තාකරු –

Popular Articles