අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කලද ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර කණ්ඩායම් අතර පැවති පිල් බෙදීම තවම පහවගොස් නැති බව වාර්තා වේ.
දැනට දෙසතියක සිට මෙම කණ්ඩායම් අතර අභ්‍යන්තර ගැටලු රැසක් පැවති අතර එහි උණුසුම්ම තත්වය ඇති වූයේ අප්‍රියෙල් විරු සමරුවට පෙර දින පැලවත්ත පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවති ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන කණ්ඩායමේ [ Political Bureau] සාකච්ඡාවේදීය.
විරු සමරු උත්සවයේ කථික ලැයිස්තුව සකස්කිරීමේදී ජනාධිපතිවරයා නොසලකා හැරීම පිලිබදව එහිදී දැඩි කතාබහක් ඇතිවූ අතර බිමල් රත්නායක ජනාධිපතිවරයා සමග නොරුස්සන ස්වරූපයකින් කතාකල බවද වාර්තා වේ.වෙනදා දේශපාලන මණ්ඩල රැස්වීමේදී ” නායක සහෝදරයා” ලෙස අනුරව ඇමතූ කීප දෙනෙක් ” අනුර සහෝදරයා ” ලෙස ඇමතීමට පවා පටන්ගෙන ඇතැයි අප පැලවත්ත අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු පවසයි.
කුමාර ජයකොඩි අමාත්‍යවරයා පිළිබද ඇතිවූ ඉතා උණුසුම් සංවාදයෙන් පසු අනුර කේන්තියෙන් නැගිට ගොස් ඇත්තේ ” මම රනිල්ට කියල මේක කරගන්නවා” යැයි පවසමින් බව වාර්තාවිය
ජනාධිපති අනුරගේ එම ප්‍රකාශය ගැන අනතුරුව රැස්වීමට සහභාගිවූ පිරිස සාකච්ඡා නොකලත් අනුර සිය මිත්‍රයෙකු සමග පවසා ඇත්තේ පක්ෂය මේ තැනට ගෙන ආවේ කව්ද බව බොහෝ දෙනෙකුට දැන් අමතකව ගොස් ඇති බවයි.
මේ අතර අවුරුදු නිවාඩුවෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ආගමනයට සූදානම් වන බව සමහරුන් පැවසුවද රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීප හිටපු අමාත්‍යවරයෙකු ඩාක් රූම් සමග පැවසූයේ
” ඒක හදිස්සියෙන් වෙන්න ඕනෙ වෙන එකක් නැහැනායකතුමාට එහෙම හදිසියක් නැහැ. තව ටිකක් යන්න දෙමු” යනුවෙනි.
කෙසේ වෙතත් පෙරේදා රාත්‍රියේ කොළඹ බාන්ස් පෙදෙසේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ හමුවූ පිරිසක් මේ ගැන මූලික සාකච්ඡාවක් පවත්වා ඇත. එය වික්‍රමසිංහ මහතාගේ දැනුවත්වීම මත සිදුවූවක්ද යන්න තොරතුරු නැතත් එහි සිටි වෘත්තීය සමිති හා සම්බන්ධ අයෙක් පවසා තිබුනේ සිංහල අවුරුද්දෙන් පසු රටේ සිදුවන ඇදවැටීම හමුවේ ජනතාව මල් පාරට ගොස් රනිල් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට රැගෙන එනු ඇති බවයි.

