ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න ව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර ඇත.
පාර්ලිමේන්තුවේදී ඊයේ (23) රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින් මෙම තීන්දුව ගෙන ඇත.
කතානායක, සභානායක, විපක්ෂනායක, මුදල් අමාත්‍ය හෝ ඔහුගේ නියෝජිත සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මෙම උපදේශක සභාවේ නිල නියෝජිතයින් වන අතර ඊයේ පැවති රැස්වීමට කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂනායක වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, මුදල් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර සහභාගිව සිටියහ.
චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න කැඳවා ඔහුගෙන් නිදහසට කරුණු විමසා නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මෙහිදී අදහස් දක්වා තිබිණ.
පරීක්ෂණය අභියෝගයට !
නියෝජ්‍ය මහලේකම් ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ “මූලික පරීක්ෂණය” ව්‍යවස්ථාපිත නීතිය සහ ස්ථාපිත පරිපාලන රීතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
මෙමක්‍රියාවලියහුදුපරිපාලනමයපියවරක්නොව, ද්වේශ සහගත චේතනාවෙන් සහ බලය අයුතු ලෙස භාවිතා කරමින් සිදු කරන්නක් බවට පවතින සාක්ෂි මගින් තහවුරු වී ඇතැයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇත්තේ කතානායකවරයාගේ පෞද්ගලික කාරණයක් නියෝජ්‍ය මහලේකම් විසින් හෙළිදරව් කර ඇතැයි තිබු සැකය මත ඔහුට එරෙහිව මෙවැනි පියවරක් ගෙන ඇති බවයි.
කෙසේවුවද සිය වැඩ තහනමට එරෙහිව නියෝජ්‍ය මහලේකම්වරයා නිතිය හමුවට යාමට තීන්දුකර ඇතැයි වාර්තාවේ.

