ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටින ඉබ්‍රහිම්ගේ පුත්‍රයන් දෙදෙනා තමයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ඝාතකයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (09) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ ඝාතකයෝ සහ සාටකයෝ දෙගොල්ලන්ම ඉන්නේ පැලවත්තේ බවය.
“පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අත්අඩංගුවට ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් එවැනි මහ මොළකරුවෙක් අත්අඩංගුවට ගන්න නොහැකි වුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂගේ කාල සිමාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධවෙන් නිතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. එහිදි සාක්ෂිකරුවන් නම් කිරිමේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට අවශ්‍ය ආකාරයට සකස් කරන්න කටයුතු කළා. ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙකු නැති බව පලමු සාක්ෂිකරු සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් මෙම සිද්ධියේ කුමන්ත්‍රණයක් තිබෙන බව හිටපු නිතිපති දප්පුලද ලිවේරා ප්‍රකාශ කර තිබුණා.”
“ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන තිබෙන බව වර්තමාන ආණ්ඩුවේ පොලිසිය භාර ඇමැතිවරයා ප්‍රකාශ කළා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහ මොකළකරු හදුනාගත් බව රවී සෙනවිරත්න මහතා සාක්ෂි ලබාදී තිබුණා. එසේ නම් මහ මොළකරු අත්අඩංගුවට නොගන්නේ කුමන හේතුවක් නිසාදැයි විපක්ෂය ප්‍රශ්න කරනු ලැබුවා. කෙසේ නමුත් ඝාතකයෝ සහ සාටකයෝ දෙගොල්ලන්ම ඉන්නේ පැලවත්තේ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටින ඉබ්‍රහිම්ගේ පුත්‍රයන් දෙදෙනා තමයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ඝාතකයන්. ඝාතකයන් සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සමඟයි. රටට මේ සිදුකළ අපරාධයට වගකිව යුතු පිරිස් තවමත් නිදැල්ලේ සිටිනවා. ඔවුන්ව අත්අඩංගුවට ගන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.”
“ඒ වගේම ආණ්ඩුවට වඩා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයාගන්න සමගි ජනබලවේගයට අවශ්‍යයි. ඒ වගේම බලය ගත්ත නිසා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයන්න අවශ්‍යතාවක් ආණ්ඩුවට නැහැ. කෙසේ නමුත් රට ජාතින් අතර තිබු සමගිය කඩන්න , දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් වැඩකළ කණ්ඩායම තවමත් නිදහසේ සිටිනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය නිර්මාණය කළ සාක්ෂි ලැයිස්තුවයි වර්තමාන ආණ්ඩුවත් ඉදිරියටත් ගෙන යන්නේ. අලුතින් පරික්ෂණ ආරම්භ කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් එවැන්නක් සිදුවන්නේ නැහැ. “
“ගෝඨාභය නවත්වපු තැනින් තමයි වර්තමාන ආණ්ඩුව පරික්ෂණ ආරම්භ කර තිබෙන්නේ. නමුත් ආණ්ඩුව බලය ලබා ගත්තේ පාස්කු ප්‍රහාරය ගැන අලුතින්ම පරික්ෂණ කටයුතු ආරම්භ කරන බව ප්‍රකාශ කරලා. කෙසේ නමුත් ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවට බලපැම් කර , නිර්මාණය කරපු සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව අනුවයි වර්තමාන ආණ්ඩුවත් කටයුතු කරන්නේ. රාජපක්ෂවරු සකස් කළ සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව ඉදිරියට ගෙනියන්නේ ආණ්ඩුවයි. රාජපක්ෂවරු සමඟ සම්බන්ධතා පවත්වන්නේ වර්තමාන ආණ්ඩුව. මේ අපරාධයට එරෙහිව අපි පෙනී සිටිනවා. සහරාන්ගේ කණ්ඩායම මෙහෙයවපු පිරිස නීතියට ඉදිරියට ගෙන ආ යුතුයි. ඔවුන් තවමත් සමාජයේ නිදහසේ සිටිම අනතුරුදායකයි.”

