Top 5 This Week

spot_img

Related Posts

කුරුණෑගලදි මාලිමාව මෝචරියටම වැටේ ! සභාපති ඇතුළු සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයම විපක්ෂයට

කුරුණෑගල ආරෝග්‍ය ශාලා සමුපකාර සමිතියේ සභාපති ඇතුළු සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් තේරීපත්ව තිබෙනවා.ජාතික ජන බලවේගයද එම ඡන්ද විමසීමට ඉදිරිපත් වූ නමුත්, ඔවුන්ට කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයක් හිමි වී නැහැ.

කුරුණෑගල ආරෝග්‍ය ශාලා සමුපකාර සමිතියේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාපත්කර ගැනීමේ ජන්ද විමසීම ආරෝග්‍යශාලා සමූපකාර ගොඩනැගිල්ලේදී පැවැත්වුණා.ඒ සඳහා ජාතික ජන බලවේගයෙන් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නියෝජනය කරමින් කණ්ඩායමක් තරග වැදී සිටියා.

ඒ අනුවකුරුණෑගල සමුපකාර රෝහල් සමිතියේයළි භාරකාරීත්වයට පත් වූ ජයපත්ම වන්නිනායක  ඇතුළු කණ්ඩායමට හිමිව තිබේ.

දිවයිනේම සමුපකාර රෝහල් අතර පළමු ස්ථානයත්, වයඹ පළාත තුළ පෞද්ගලික අංශයේ රෝහල් අතර ප්‍රමුඛ ස්ථානයත් දිනා ගෙන සිටින කුරුණෑගල සමූපකාර රෝහල රෝගීන් වෙනුවෙන් ඇප කැප වූ සේවා ස්ථානයකි

මෑත ඉතිහාසයේ දුටු ඉතා සීග්‍රයෙන් දියුණු වූ පෞද්ගලික රෝහලක් ලෙස කුරුණෑගල සමුපකාර රෝහල නම් කළ හැකිය. ඒ වෙනුවෙන් ජයපත්ම වන්නිනායක  කළ කැපවීම දන්නා මිනිසුන් ඒ වෙනුවෙන් තම යුතුකම ඉටු කළ මොහොතක්වෙ බවයි ජයග්‍රහණයයෙන් පසුව පාක්ෂිකයන් සදහන් කළේ.කිසිදු පක්ෂ දේශපාලනයකට මැදි නොවූ කුරුණෑගල සමූපකාර ආරෝග්‍යශාලා සමිතිය මාලිමාකරණයකට පසුගිය සති කිහිපයක සිට වත්මන් ආණ්ඩුවේ ආනන්ද විජේපාල ඇමතිවරයා, කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක ඇතුළු මාලිමා ආණ්ඩුවම සිය උපරිම බලය පැතිරවූයේ ඉතාම නිර්ලජ්ජිත අකාරයටය.නමුත් අවසානයේ සමූපකාර සාමාජිකයික් සිය පිළිතුර මැනවින් ලබාදුන්නේය. අභූත චෝදනා නගමින් කරන ලද විගඩම අදින් අවසන්විය.

Popular Articles