Top 5 This Week

spot_img

Related Posts

කුමාර ජයකොඩි මල් පැලයක්ද ? වල් පැලයක් ද

අනුර දිසානායක ජනාධිපතිවරයාගේත්  බලශක්ති ඇමති කුමාර ජයකොඩිගේත් අතිශයින් දූෂිත ගල් අඟුරු මගඩිය නිසා සිදුවූ වංචාව ශ්‍රීලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය අක්‍රමිකතාවය බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
පාඩුව ගණනය කිරීම
ගල් අගුරු මගඩියේ  පාඩුව මුල්  නැව්වාර හතර පදනම් කරගනිමින් තක්සේරු කිරීම් සිදුකර තිබුනේ මෙලෙසිනි
එක් එක් නැව්වාරයට අදාළව සිදුවූ පාඩුව මෙසේය.
1 වන නැව්වාරය: රුපියල් මිලියන 595.1
2 වන නැව්වාරය: රුපියල් මිලියන 288.5
3 වන නැව්වාරය: රුපියල් මිලියන 1,047.4
4 වන නැව්වාරය: රුපියල් මිලියන 865.0
මෙම පාඩුව ගණනය කර ඇත්තේ අදාළ ගල්අඟුරු තොගවල පවතින ගුණාත්මක දෝෂ හේතුවෙන් ජනනය කිරීමට නොහැකි වූ විදුලි ඒකකයක පිරිවැය රුපියල් 57.53ක අගයක පවත්වා ගනිමිනි.
ගල්අඟුරු ගුණාත්මකභාවයෙන් තොර වීම හේතුවෙන් බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලට සිදුවන බලපෑම පිළිබඳව ද විදුලිබල මණ්ඩලය අවධානය යොමු කර ඇත.
Air Pre-Heater අවහිර වීම පිරිසිදු කිරීම සඳහා රුපියල් මිලියන 50ක පිරිවැයක් ඇස්තමේන්තු කර ඇත. බොයිලේරු නළ පද්ධතියට හානි වීම සඳහා රුපියල් මිලියන 10ක පමණ අවම නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවේ.ටර්බයින් තල අධික ලෙස රත් වීම දෝෂ නිවැරදි කිරීම සඳහා රුපියල් මිලියන 100කට අධික පිරිවැයක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.
බාල ගල්අඟුරු භාවිතය නිසා පද්ධතියට සිදුවන බලපෑම පිළිබඳව පුළුල් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් පවතී
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ද කරුණු ඉදිරිපත් කර ඇති අතර, ගල්අඟුරු සැපයුම් ගිවිසුම් අවලංගු කිරීම සඳහා පවතින කොන්දේසි පිළිබඳව ද නීතිමය පැහැදිලි කිරීම් සිදුකර ඇත.
ජාතික ආර්ථිකය වනසන මේ මහා මංකොල්ලයට වගකිව යුතු ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව නීති අංශ ගන්න ක්‍රියාමාර්ගය කවරේදැයි රටම අවධානයෙන් සිටින බව පමණක් ප්‍රකාශ කරමි.
කව්ද මේ ඇමති කුමාර ජයකොඩි ?
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පූර්න සහයෝගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස  පාර්ලිමේන්තුවට තේරී පත්වූ පුන්‍ය ශ්‍රි කුමාර ජයකොඩි අතිශයින් දූෂිත  ඉතිහාසයකට උරුමකම් කියන පුද්ගලයෙකි.
හොරණ හදපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු මහනුවර ප්‍රසිද්ධ විදුහලකින් උසස් අධ්‍යාපය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට 1987 වසරේදී ඇතුලත් වූ අතර ඔහුගේ උපාධි සුදුසුකම පිළිබදවද සමාජ මාධ්‍යය ඉදිරියේ විශාල කතාබහක් නිර්මාණය වි. නමුත් පසුව ඔහු 2003 වසරේ  උපාධිය සම්පූර්ණ කල බවට ප්‍රකාශයක් කලේය.
කෙසේ නමුත් ඔහු 1996-2000 කාල සීමාව තුල ඉංජිනේරුවෙකු ලෙස Cables & Machinery Limited නම් කොරියානු සමාගමේ සේවය කල බවට තොරතුරු වාර්තා විය.
ඒ අනුව  කුමාර ජයකොඩි උපාධිය සම්පූර්ණ කිරීමට ප්‍රථම ව්‍යාජ සහතික ඉදිරිපත් කර මෙම රැකියාව ලබාගෙන ඇත.එමෙන්ම ඉංජිනේරුවන් ලියාපදිංචිය සිදුකරන IESL වෙබ් අඩවියේ සාමාජික ලැයිස්තුවේ ඔහුගේ නම සහ සාමාජික අංකයක්ද සදහන් නොවේ.
2004 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ  කෘෂිකරම ඇමතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පත්වන විට , ලංකා  පොහොර සංස්ථාවේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස පුන්‍යා ශ්‍රී කුමාර ජයකොඩි බදවාගන්නා අතර 2015 මූල්‍ය වංචාවකට හසුව  වැඩ තහනමට ලක්ව පසුව නීතිය ඉදිරියේ වරදකරුවෙක් වී අවසානයේ තනතුර පහත හෙලීමක් සිදුකිරීමෙන් අනතුරුව ඔහු සිය රැකියාවෙන් ඉල්ලා අස්වී ඇත.
පොහොර සංස්ථාවේ ටෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ඔහු මිලියන ගනනක ධනයක් උපයාගෙන ඇති බවටද පාර්ලිමේන්තුවේදී මීට පෙර කතාබහට ලක්විය.
ජනතා විමුක්ති පෙරමුනට කල උදව්
ජනතා විමුක්ති පෙරමුණට මාධ්‍යය ආයතනයක අවශ්‍යතාවය ඇති වූ අවස්ථාවේ A5 නාලළිකාව ආරම්භ කිරීමට මුදල් ආයෝජනය කරන ලද්දේ කුමාර ජයකොඩිය. එවකට එම නාලිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුයේ වර්තමානයේ ලේක්හවුස් කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතාය.
පසුගිය ජනාධිපතිවරන සමයේ අනුර දිසානායක මහතාගේ භාවිතය සදහා ලබා දී තිබූ නිල් පැහැති බී එම් ඩබ්ලිව් SUV රථයද කුමාර ජයකොඩිට අයිති එකකි.පසුව බලශක්ති ඇමතිවරයා ලෙස මාලිමා රජයේ වගකිවයුතු ප්‍රධානතම තනතුරක් ලද කුමාර ජයකොඩිට දූෂණ චෝදනා රැසක් එල්ලවිය.
ඇමති තනතුරේදී සිදුකල දූෂණ
සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ සූර්ය බලාගාර ටෙන්ඩරයක් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 3 කට අධික අලාභයක් සිදුකල බවට පැමිනිල්ලක් තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබුණත් අඩුම ලංසුව නොසලකා වැඩි ලංසුවකට එම කොන්ත්‍රාත්තුව ලබාදී රජයට සැලකිය යුතු මූල්‍ය පාඩුවක් සිදුවූ බව එම පැමිනිල්ලේ සදහන්ය.
අද (20) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස.එම් මරික්කාර් මහතා කල හෙලිදරව්වක් අනුව ගල් අගුරු ගණුදෙනුව සිදුවූ අවධියේ ජයකොඩි ඇමතිවරයාගේ බිරිදගේ මවගේ නමින් ඇති ගිණුමකට මුදල් තැන්පත් වූ ආකාරය ගැන පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිසිය භාර ඇමතිවරයාගෙන් ඉල්ලීමක් ද කලේය
අප ඩාක් රූම් කණ්ඩායම අනාවරණය කරගත් පරිදි 1940.10.26 දින උපන් ටී.එච් දායාවතී නැමැත්තිය කුමාර ජයකොඩිගේ බිරිදගේ මව වන අතර ඔහු විවාහ වී සිටින්නේ ‘සෞන්ද හැන්නදිගේ දේවිකා සාමන්ති’ නම් කාන්තාවක් සමගිනි.
ඇය ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව ගබඩා කාර්යාංශයේ යතුරු ලේඛිකාවක් ලෙස 2025 අගෝස්තු මස දක්වා සේවය කර ඇත. ඇය 2004 වසරේ පොදුජන පෙරමුන රජය යටතේ පත්කල , දේශපාලන පලිගැනීමට ලක්වුවන්ට සහන ලබාදීමේ කමිටුව හමුවේ පෙනීසිට තනතුරු උසස්වීමක්ද ලබා ඇත.
76 වසරක සාපය ගැන කතා කල  ජාතික ජන බලවේගයේ සාමාජිකයන්, ඔවුන් පත්කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ තොරතුරු හෙලිවීමත් සමග දැඩි කණස්සල්ලට පත්ව ඇති බව වාර්තා වේ.
ප්‍රසංග ද සිල්වා / Dark Room කතෘ මණ්ඩල සාමාජික

Popular Articles