රනිල්,නාමල්,ශිරන්ති අත් අඩංගුවට – පළාත් සභා දිනන පැලවත්තේ සටන
පළාත් පාලන මැතිවරණයට මුහුණ දිම සම්බන්ධයෙන් පැලැවත්තේ ඊයේ පැවැති සාකච්ඡාව ඉතා උණුසුම් අයුරින් අවසන් වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඊයේ දවස පුරා අවස්ථා කිහිපයක පැවැති රැස්විම් උණුසුම් තත්ත්වයක් ඉසුලු අතර ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ ඉන්දීයානු මැදිහත් විමට අනුව පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පැවැත්විමට සිදුවිමය.
ඒ අනුව රටේ ජනතාවගේ කැමැත්ත ආණ්ඩුව නියෝජනය කරන්නේද යන්න ප්‍රශ්නය පැලවත්තේ සාකච්ඡා උණුසුම් කිරිමට සමත්ව තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡා සදහා ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සහ ජවිපෙ කාඩරයේ කිහිප දෙනෙකු පමණක් කැදවා තිබු අතර සමික්ෂන වාර්තා කුමක් කිවත් මධ්‍යම පාන්තික ජනතාව සහ ගම් මට්ටමේ ජනතාව අතර වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවට වන කරුණු සාකච්ඡාවට ගෙන තිබේ.
මාලිමාවට වටා එකතු වි ස්වෙච්ඡාවෙන් වැඩකල පිරිසට අමතරව පක්ෂයේ ශාඛා සමිති මට්ටමෙන් වැඩ කල ජවිපෙ සමාජිකයන්ද දැඩි ලෙස සමාජය හමුවේ ප්‍රශ්ණ කිරිම් වලට මුහුණ දි සිටින බවත් ආර්ථික ප්‍රශ්ණ, ඉන්දියාවෙ අනිසි මැදිහත් විම, කථානායකවරයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සහ මාලිමා ආණ්ඩුවට එල්ල වි තිබේන ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් වන චෝදනා හමුවේ පාක්ෂිකයින් අසරණ තත්ත්වයකට ඇද වැටි ඇති බව එහිදි කේඩර් සමාජිකයින් පෙන්වා දි තිබේ.
ඊට අමතරව වසරේ මේ දක්වා දින 53කදී සංවිධානාත්මක අපරාධකරුවන් පොලිස් වසම් 09ක් තුළ සිදුකළ වෙඩි තැබීම්වලින් ද්විත්ව ඝාතනයක් ඇතුළුව පුද්ගල ඝාතන 10ක් සිදුවිමද සමාජය භීතියට පත්කිරිමට සමත්ව ඇති බවද එහිදි සාකච්ඡාවට ගෙන ඇති නමුත් ආරක්ෂක ධුරයන් වෙනස් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ටිල්වින් සිල්වා එහිදි අකමැත්ත පලකර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.
වැදගත්ම දේ මැතිවරණය දිනන එක
පළාත් පාලන මැතිවරණයට සාපේක්ෂව පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරිම එතරම් පහසු කරුණක් නොවන බැවින් ඊට ප්‍රධානතම හේතුව ගම් මට්ටමේ,බිම් මට්ටමේ පාක්ෂිකයින් ක්‍රියාකාරි නොවන තත්වයකට පත්විම බවත් ඔහුන් යලි අවදිකර ගැනිම සදහා ප්‍රධාන පෙලේ කිහිප දෙනෙකුම සිරගත කලයුතු බවට තීරණය කර තිබේ.ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,නාමල් රාජපක්ෂ සහ ශිරන්තී රාජපක්ෂද අත් අඩංගුවට ගැනිමට වහාම කටයුතු කලයුතු බවයි එහිදි අවසන් වශයෙන් තීරණය කර ඇත්තේ.ඊට අමතරව දමිළ ඡන්ද පදනම වැඩි කර ගැනිම සදහා උතුරට සහ නැගෙනහිරට වැඩි බරක් තැබිය යුතු බවත් එය අනාගත දේශපාලනය වෙනුවෙන් ගන්නා තීරණයක් බවත් ටිල්වින් එහිදි පැහැදිලි කර තිබේ.ඒ වෙනුවෙන් උතුරේ දමිල දේශපාලන පක්ෂ නියෝජනය කරන කිහිප දෙනෙකුද අත් අඩංගුවට ගැනිමටද කටයුතු කරන බවටද අනතුරු ඇගවිමක් කර තිබේ.