Top 5 This Week

spot_img

Related Posts

කුමාර ජයකොඩි උපක්‍රමික පසු බැසීමක – Dark Room හෙලිදරව්ව.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හරහා ජාතික ජන බලවේගය රජයට සිදුවී ඇති දැඩි අපකීර්තිය අවම කරගැනීම සදහා ඉහල පෙලේ සාකච්ඡාවක් සිකුරාදා රාත්‍රියේ කොළඹදී පැවැත්වූ බව වාර්තා වේ

රජයේ අකර්මක්ෂතාවය සහ ජන අප්‍රසාදයට ප්‍රධාන හේතුව කුමාර ජයකොඩි ගේ ක්‍රියාකලාපය බව රැස්වීමට සහභාගීවූ සැමගේ අදහස වී ඇත. නමුත් ජයකොඩි සහෝදරයා ,  ජනතා විමුක්ති පෙරමුණට බලය නොමැති අවස්ථාවේ ජයකොඩි විසින් ඉටුකරන ලද සේවය බොහෝ දෙනාගේ ප්‍රසාදය පලකර ඇත.

A5 නාලිකාව සදහා සම්පූර්ණ බරපැන දැරූ ජයකොඩි මේ අවස්ථාවේ අසීරුතාවයකට පත්ව ඇතත් ඔහු මෙම රජය බලයට ගෙන ඒමට කරන ලද සේවය අමතක කල නොහැකි වුවද මේ අවස්ථාවේ උපාය මාර්ගික ලෙස පසු බැසීම රජයේ පැවැත්මට සුබදායීබව අවසානයේ නිගමනය වී ඇත.

ඒ අනුව තාවකාලිකව කුමාර ජයකොඩි බලශක්ති අමාත්‍ය තනතුරෙන් ඉවත්වීම තුලින් නැතිවූ ජනප්‍රසාදය යලි ස්ථාපිත කරගැනීමට හැකි වෙතැයි තීරණය වී ඇත.

ඉදරි දින කීපය තුල , අධිකරණ ක්‍රියාමාර්ග නිමාවන තුර බව පවසමින්  කුමාර ජයකොඩි සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත අතර බලශක්ති අමාත්‍යාංශයේ වැඩ බලන අමාත්‍යධූරයට නියෝජ්‍ය අමාත්‍ය අක්රම් ඉලියාස් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Popular Articles