යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙන බව වාර්තා වේ. යාපනයේදී දෙමළ යෞවනයෙකුට වෙඩි තැබීමෙන් පසු වගවීම සැඟවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ ජනතාව අතර හටගත් උණුසුම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන් පිරිසක් පොලිසියට පහරදීමේ උත්සාහයක්ද ගත් බව අප වාර්තාකරු සදහන් කරයි.
යාපනයේදී සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට නව චෝදනා එල්ල වී ඇති අතර, බලධාරීන් පිරිමි ළමයාගේ වයස වැරදි ලෙස සදහන් කර ඔහුගේ පවුලේ අය බිය ගැන්වීමට උත්සාහ කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.ඒ මියගිය තරුණයාගේ වයස අවුරුදු 17 ක් බවත් ඔහු වඩුකෝට්ටෙයි ප්‍රදේශයේ ඇල්බිනෝ අරුල් පියස් නොහොත් අයුබ්‍රාජ් අරුල් බවත් පවුලේ අය විසින් තහවුරු කර තිබියදිය.

වෙඩි තැබීම සිදු වූයේ අඟහරුවාදා අලුයම, පොලිසිය නතර කිරීමට නියෝග පිළිපැදීමට අපොහොසත් වූ බව කියන වෑන් රථයකට වෙඩි තැබීමෙන් එය පදවාගෙන ගිය පිරිමි ළමයා පොලිස් වෙඩි පහරින් මිය ගියේය.
පසුව ශ්‍රී ලංකා පොලිසිය මුලින් 10 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 17 ක් බව සඳහන් කළ අතර, පසුව 11 වන දින නිකුත් කරන ලද පොලිස් මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ පිරිමි ළමයාගේ වයස අවුරුදු 19 ක් බවයි.
එයට දකුණේ රාජ්‍ය මාධ්‍ය හරහා ඉතා ඉහල වාර්තාකරණයක්ද ලබාදි තිබුනා.
දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහජන කෝපය වෙනතකට යොමු කිරීමේ පැහැදිලි උත්සාහයක් ලෙස, පොලිසිය හිතාමතාම පිරිමි ළමයාගේ වයස වෙනස් කළ බවට ඥාතීන් චෝදනා කරන්නේ.
වෙඩි තැබීමෙන් පසු වහාම යුක්තිය ඉල්ලා විරෝධතා වැළැක්වීම සඳහා පොලිසිය පවුල බිය ගැන්වීමට උත්සාහ කළ බවට තවත් චෝදනා මතු වී තිබේ.
තත්ත්වය තවත් දරුණු කිරිමට හේතු වුයේ මියගිය තරුණයාගේ පවුලේ අයට වඩුකෝට්ටෙයි පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ලෙස හඳුන්වා ගත් පුද්ගලයෙකු දුරකථනයෙන් ඔවුන් අමතා පිරිමි ළමයාගේ දේහය භාවිතා කරමින් විරෝධතා පැවැත්වීමට සැලසුම් කරන්නේ දැයි විමසා එය නොකරන ලෙසට තර්ජනය කිරිමත් සමගය.
“දැන් විරෝධතා දක්වන්න එපා. දේශපාලනඥයන් පැමිණියහොත් ඔවුන් සමඟ කතා නොකරන්න” යනුවෙන් පවුලේ අයට තර්ජනය කර තිබේ.
ඒ අනුව ඉතාම පැහැදිලිව ශ්‍රි ංකා රජය, පොලිසිය සහ ආරක්ෂක අංශ භාවිතා කරමින් පවුලේ අයට මෙම ඇමතුම හරහා වක්‍ර ලෙස තර්ජනය කර විරෝධතාවයන් හෝ මහජන බලමුලු ගැන්වීමකින් තොරව තරුණයාගේ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවට ඥාතින් චෝදනා කරයි.

