වත්මන් මාලිමා ආණ්ඩුව උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ දේශපාලනයේ ප්‍රධාන වාහකය ලෙස දිගු කලක් තිස්සේ සැලකෙන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය බෙද බින්න කිරිම සදහා කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව අප උතුරේ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
පක්ෂ අභ්‍යන්තර සමාජිකයන් විවිධ අකාරයෙන් ආණ්ඩුවේ කුමන්ත්‍රණය වලට හසුව පක්ෂ අභ්‍යන්තරව විවිධ විවේචනාත්මක කරුණු ගෙනහැර දක්වමින් පක්ෂ අර්බුදයක් නිර්මාණය කිරිමේ උත්සහයක් ඇති බව පක්ෂය අනාවරණය කරගෙන තිබේ.ඒ අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය, පක්ෂ අභ්‍යන්තර තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සාමාජිකයින්ට තහනම් කරමින් වාචික නියෝගයක් නිකුත් කර ඇති බවයි අප උතුරේ දේශපාලන වාර්තාකරු අනාවරණය කරන්නේ.
ඒ අනුව සමාජිය සහ විවිධ මාධ්‍ය මූලාශ්‍ර හරහා, පක්ෂයේ යෝජනා විවෘතව අභියෝග කළ සාමාජිකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති අතර විනය පරික්ෂණ සම්බන්ධයෙන් ITAK පක්ෂය කිසිදු ලිඛිත ලේඛනයක් ලබානොදි සaජු පණිවිධ යැවිමට පමණක් කටයුතු කර තිබේ.ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් පාලන ආයතන සභාපතිවරුන්ට සහ බිම් මට්ටමේ නිලධාරීන්ට අදාළ පරික්ෂණයට පෙනී සිටින ලෙස වාචිකව දැනුම් දි තිබේ.
පක්ෂ තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නොඉවසන බවත් තවදුරටත් උල්ලංඝනය කිරීම් විනය ප්‍රතිවිපාක ඇති කළ හැකි බවත් පක්ෂයේ වැඩබලන මහලේකම් එම්. ඒ. සුමන්තිරන් සාමාජිකයින්ට දැනුම් දී ඇති බවයි උතුරේ දේශපාලන වාර්තාකරු අනාවරණය සදහන් කළේ.
පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව, ITAK මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස ඉවත් කිරීමෙන් සහ සුමන්තිරන් සමඟ දේශපාලනිකව සම්බන්ධ වී සිටින බව පුළුල් ලෙස සැලකෙන මඩකලපුව මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පත් කිරීමෙන් පසු ඔහුට සහාය දැක්වීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් අධෛර්යමත් කිරීම මෙම පියවරේ අරමුණයි. මෙම රැස්වීම අද පෙබරවාරි 14 වන සෙනසුරාදා කිලිනොච්චියේදී පැවැත්වීමට නියමිතය.
පක්ෂ විනය උල්ලංඝනය කළ බවට සැලකෙන පුද්ගලයින්ට එරෙහිව දැනටමත් පියවර ගෙන ඇති බවත්, තවදුරටත් පැමිණිලි සමාලෝචනය කරන බවත් සාමාජිකයින්ට දැනුම් දෙන ලෙස ප්‍රාදේශීය මට්ටමේ නායකයින්ට උපදෙස් දී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

