Top 5 This Week

spot_img

Related Posts

ගෝඨාභය ඇමෙරිකාවට ගියේ යුද්ධයට බයේද?

ගෝඨාභය රාජපක්ෂ උතුරේ යුද්ධයට බයේ ඇමෙරිකාවට පැන ගියාය යන කතාව විපක්ෂ පිරිස් වලින් බොහෝ කලක පටන් පතුරවන මිථ්‍යාවලින් තවත් එකකි.

ගෝඨාභය රාජපක්ෂ හමුදා සේවයට බැඳේන්නේ 1971 වසරේදී ය. ඒ සංඥා බලකායටයි. 70 දශකයේදි ඔහු මුලින්ම සේවය කරන්නේ පලාලි කඳවුරේ සිට එවකට තමිල්නාඩුවෙන් කෙරෙන හොර බඩු ජාවාරම් මර්ධනය කිරීමේ ක්‍රියාන්විතයකටය. මේ තමිල්නාඩු හොරබඩු ජාවාරම් කළ දෙමළ තරුණ පිරිස් කොටි සංවිධානයේ මෙන්ම අනෙකුත් දෙමළ සන්නද්ධ කල්ලි වල මූල බීජය විය.

විදෙස් පුහුණුවීම් ගණනාවක් සහ විවිධ හමුදා සේවා කාර්යයන් ගණනාවකින් පසුව ඔහු 1980 රජරට රයිෆල් රෙජිමේන්තුව බිහිකිරීමට දායක වී ඇත. 1982 දී ඇසෑමයේ “Counter-Insurgency and Jungle Warfare School” පුහුණුව ලබන ගෝඨාභය රාජපක්ෂ ඉන්පසු හමුදා නිලධාරීන්ගේ ප්‍රධානතම පුහුණුව වන Command and Staff පාඨමාලාව සම්පූර්ණ කරන්නේ මදුරාසියේදීය. ඉන් පසු මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ඔහු ආරක්ෂක සහ උපායමූලික අධ්‍යයනයන් ඔස්සේ ශ්‍රාස්ත්‍රපති උපාධියත් සම්පූර්ණ කළේය.

නැවත ලංකාවට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ පත්වන්නේ දෙවන අණදෙන නිලධාරි ලෙස (2IC) විජය විමලරත්න යටතේ 1 ගජබා බල ඇණියටයි. ගජබා රෙජිමේන්තුව උතුරේ යුධ මෙහෙයුම් වලදී ඉදිරියෙන්ම සිටි පාබල සේනාංකය ලෙස සැලකිය හැක. (ජගත් ඩයස්, කමල් ගුණරත්න, ෂවේන්ද්‍ර සිල්වා, චගී ගාල්ලගේ වැනි පසුකාලීන විජයග්‍රහණයේදී හමුදා සේනාංක මෙහෙයවූ බොහෝ නිලධාරීන් ගජබා රෙජිමේන්තුවේ නිෂ්පාදන වූ බව මෙහිදී මතක් කළ යුතුය.)

පළමු ඊළාම් යුද්ධය ලෙස සැලකෙන කාලයේදී ශ්‍රීලංකා හමුදාව කරන්න ලද්දේ එක් ප්‍රහාරක මෙහෙයුමක් පමණිවඩමාරච්චි මෙහෙයුම. මේ මෙහෙයුම බලඇණි හතරක් විසින් සිදු කරන ලද ක්‍රියාන්විතයක් වූ අතර ඉන් එකක් වූ 1 ගජබා බල ඇණියට අණ දුන්නේ ගෝඨාභය රාජපක්ෂයි. මේ මෙහෙයුම සාර්ථක වූ මෙහෙයුමකි.

ඉන් අනතුරුව ඉන්දුලංකා ගිවිසුමෙන් උතුරේ හමුදා මෙහෙයුම් නතර විය.

දෙවන ඊළාම් යුද්ධය ලෙස සැලකෙන කාලය ආරම්භයේදී ගෝඨාභය රාජපක්ෂ, බ්‍රිගේඩියර් ජානක පෙරේරා යටතේ වැලිඔය ප්‍රදේශයේ ගජබා බල ඇණිය ප්‍රහාරක මෙහෙයුම් වල නිරත වූයේය.

ඉන් අනතුරුව දෙවන ඊළාම් යුද්ධය ලෙස සැලකෙන කාලය තුළ ශ්‍රීලංකා හමුදාව මුලින්ම කරන ලද ප්‍රධාන පෙළේ ප්‍රහාරාත්මක ක්‍රියාන්විතය වූයේ යාපනය කොටුව බේරා ගැනීමට කළත්‍රිවිධ බලයමෙහෙයුමයි.  මේ මෙහෙයුමේදී බල ඇණි දෙකක් යාපනය කොටුවට ඇතුළු වූ අතර ඉන් ඉන් එකක් වූ 1 ගජබා බල ඇණියට අණ දුන්නේ ගෝඨාභය රාජපක්ෂයි.

මේ මෙහෙයුමට සම්බන්ධ වූ අනෙක් බල ඇණිය මෙහෙය  වූ සරත් ෆොන්සේකා කර්නල් වරයකු ලෙස උසස් කොට බල ගණ අණ දෙන නිලධාරියකු (Brigade Commander) ලෙස පත් කරනු ලබයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ 1991 ජනවාරි මස දී කොළඹ පිහිටි කොතලාවල ආරක්ෂක පීඨයේ දෙවන අණ දෙන නිලධාරි ලෙස මාරු කර එවනු ලබයි. වසර ගණනාවක් ප්‍රහාරක බලඇණියකට අණදුන් පළපුරුදු හමුදා නිලධාරියකු මෙලෙස උසස්වීමකින් තොරව කොළඹට මාරු කර එවීම දේශපාලන පළිගැනීමක් මෙහිදී අප සනිටුහන් කළ යුතුය. (ගෝඨාභය රාජපක්ෂ වැඩිමල් සොහොයුරා මහින්ද රාජපක්ෂ එවකට විපක්ෂයේ ප්‍රධාන නායකයෙකු විය.)

හමුදා සේවයේ අනාගතයක් නොදුටු ගෝඨාභය රාජපක්ෂ හමුදා සේවයෙන් ඉවත්ව පරිගණක පාඨමාලාවක් හදාරා වෙනත් ක්ෂේත්‍රයකට ගොස් පසුව ඇමෙරිකාවට සංක්‍රමණය වන්නේ මේ කළ කිරීම නිසා බව සැලකිය යුතුය.

ඒ වන විට ශ්‍රීලංකා හමුදාවේ ප්‍රහාරක බල ඇණි අතළොස්සෙන් එකක් වසර ගණනක්  පෙරමුණේම  සිට මෙහෙය වූ බලඇණි අණදෙන නිලධාරියකු (Battalion CO) වූ ගෝඨාභය ඇමෙරිකාවට ගියේ යුද්ධයට බියේ ය යන කතාව මා අසා ඇති මෝඩම කතාවලින් එකකි.

ඡායාරූපය – 1983 වසරේ  රජරට රයිෆල් බලකාය මූලික අවධියේදී.

අමතර සටහන්

රජරට රයිෆල් බලකාය ටික කලකට පසු අවාසනාවන්ත සිදු වීමක් නිසා විසුරුවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මෙහි ගෝඨාභය රාජපක්ෂට පසුපසින් සිටි නිලධාරීන් තිදෙනාම සේවයෙන් පහ කරනු ලැබීම ඒ අවාසනාවන්ත සිදු වීමේ අවාසනාවන්ත ප්‍රතිඵලයකි.

(උපුටා පලකිරිමකි)

 

Popular Articles