Top 5 This Week

spot_img

Related Posts

ඉන්ධන මිල ඉදිරි පැය 48 තුල ඉහලට ?

මාර්තු මාසයේදී තුන්වන වරටත් සිදුවන ඉන්ධන මිල ඉහල දැමීම ඉදිරි පැය 48 තුල සිදුවිය හැකි බව අපගේ අනුමානයයි. බොහෝවිට එය හෙට මධ්‍යම රාත්‍රියේදී  සිදුවිය හැක.

ඊයේ [ සිකුරාදා ]උදෑසන 9 වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 23517ක්ද , පෙට්‍රල් මෙට්‍රික් ටොන් 83158ක සංචිතයක් ඛණිජතෙල් නීතිගත සංස්ථාව සතු විය .

වර්තමානයේ මිල ඉහල යාමත් සමග ඉන්ධන මිල ඉහල නොදැම්මොත් බෙදාහැරීමෙන් ඉවත්වීමට සිදුවන බව දැනටමත් සයිනොපැක් , අයිඕසී , ආර්එම් පාර්ක්  ආයතන රජයට දැනුම් දී ඇත.

වර්තමානයේ රක්ෂණ සහ අනෙකුත් වියදම්  [ප්‍රිමියම්] මිල ඉතා දරුණු ලෙස ඉහල යාම අනුව අප ගනනය කල පරිදි ඩීසල් මිල රුපියල් 410-430 තෙක්ද ප්‍රෙටල් මිල 355-385 අතර මිලකට ඉහල යා හැකි බව අපගේ විශ්වාසයයි.

මේඅතරදියාගෝගාර්ෂියාඉලක්කකරසිදුකෙරුනුමිසයිලප්‍රහාරයෙන්පසුරක්ෂණගාස්තුතවදුරටත්ඉහලයාහැකිඅතරමේමාසයතුලතවත්වරක්ඉන්ධනඉහලයාහැකිඅතරඑසේත්නැතිනම්අප්‍රියෙල් 1දා මිල ගැලපීම මත රුපියල් 530-580 මිලකට ඩීසල් මිල ඉහල යා හැකි බව අපගේ අනුමානයයි.

මේ අතර රජය තවමත් ක්‍රමවේදයෙන් බැහැර ක්‍රමවේදය [ unsolicited ] තුලින් ඉන්ධන ලබා ගැනීමේදී කර්ය සාධන ඇගයීම් කමිටුවක් නම්කර එය ප්‍රසිද්ධ කර නොමැත. විනිවිදභාවයකින් මිලදීගැනීම් සිදුකිරීම සදහා මෙවැනි කමිටුවක් පත්කිරීම අත්‍යාවශ්‍යවන අතර එය ප්‍රකාශයට පත්කිරීම තුලින් ජනතාව අතර රජය කෙරෙහි විශ්වාසය පවත්වාගෙන යා හැකි බව අපගේ විශ්වාසයයි.

Popular Articles