විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තපා මහතාට ජාතික ජන බලවේගය රජයේ විශේෂ වගකීමක් පැවරීමට සාකච්ඡා සිදුකෙරෙන බව DARK ROOM වෙත වාර්තා වෙනවා.
ඒ සදහා සම්බන්ධීකරණ සිදුකිරීමට , දේශපාලන කේෂ්ත්‍රයේ ඩීල් සදහා ප්‍රසිද්ධ වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජන කරන මන්ත්‍රීවරයෙකු සහ ජාතික ජන බලවේගයේ ජනාධිපති නීතිඥයෙකුට පවරා ඇති බවද වාර්තා වේ.
යුධ අර්බුද අවස්ථාවේ මුස්ලිම් රටවල් සමග සාකච්ඡා සම්බන්ධීකරණය සදහා පත්කිරීමට නියමිත පාර්ලිමේන්තු කන්ඩායමේ නායකත්වය හෝ ඒ හා සමාන වගකීමක් ඔහුට පැවරෙනු ඇති බව වාර්තා වේ.
බස්නාහිර පලාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතාගේ අධීක්ෂණය යටතේ ෆයිසර් මුස්තපා මහතා පාලනය කිමට රජය තීරණය කර ඇත්තේ අනාගතයේදී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති අවස්ථා අහුරාලීම බව දේශපාලන කේෂ්ත්‍රයේ කතාවට බදුන් වී ඇත.

