Top 5 This Week

spot_img

Related Posts

පෙන්වමින් සිටින්නේ අනුර පාලනයේ ගමනක අවසානයද?

අනුර පාලනය දිගින් දිගටම පෙන්නුම් කල පාලනමය පරස් පරයන් අනුර පාලනයේ ගමනක අවසානය යයි කියන්නට තරම් ප්‍රමානවත් වුයේ නැත.නමුත් පාලනයේ දේශපාලන සංස්කෟතිය අරබයා මේවන විට පෙන්නුම් කරන පරස්පරතාවය පාලනයේ legitimacy එක පිලිබදව බරපතල තත්වයක් උදාකරමින් සිටි.

අනුර තන්ත්‍රය තම රාජ්‍ය පාලනය පිලිබදව පෙන්වමින් තිබෙන පරස්පරය අවසානයේදී දේශපාලන සංස්කෟතියටද පැමින වී තිබේ. එම පරස්පරය පසුගිය මාස 13 ක කාලය තුල විවිදාකාර මුහුනත්ත් මගින් පෙන්වා දී තිබේ.

ආර්ථික පාලනය හා සමාජ මය කරුනු තුලදී අනුර පාලනය තම පරස්පරය දිගින් දිගටම පෙන්වා සිටියද ඒවා පාලනයක තුල අන්තර්ගත ප්‍රායෝගිකත්වය පදනම් කරගත් තීරන ලෙස තේරුම් ගැනීමට සමාජය කටයුතු කරමින් සිටියේය.නමුත් මේවන විට අනුර පාලනය තම කේන්ද්‍රීය දේශපාලන සටන් පාඨය වන සුපිලිපන් පාලනයකට ඇති තමන්ගේ කැපවීම පරස්පරයකට යොමු කරමින් සිටී.එය බරපතල තත්වයකි. එමගින් පෙන්වන්නේ බලය හමුවේදී ඔවුන්ද අතීත පාලනයන්ට නොවෙනස් බවය.

ගල්අගුරු වංචාව, කුමාර ඇමතිට එරෙහිව අපරාධ නඩුව, බලශක්ති අරපිරිමැස්මට සමාජය පෙලඹවන පසුබිමක හදුනෙත්ති ඇමතිවරයා අමාත්‍ය නිල වාහනය ලෙස V8 රථයකින් ගමන් කිරීම පිලිබද උදාහරන මගින් පෙන්වන්නේ ලංකාවේ මාලිමාව විසින් සමාජයට ඉදිරිපත් කරන ලද තම සුපිලිපන් භාවය පිලිබද දේශපාලනය පිලිබද කතාවද අවසානයට පත්වී තිබෙන බවය.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළවෙනසයන සංකල්පය සැමවිටම ජනප්‍රිය සටන් පාඨයක් වූ අතර, 2024 වසරේදී ජාතික ජන බලවේගය (මාලිමාව) බලයට පත්වීම එම අපේක්ෂාවේ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැකිය. දශක පහක සහචර රාජ්‍ය (Clientelist State) සම්ප්‍රදාය බිඳ දැමීමේ පොරොන්දුව මත ගොඩනැඟුණු මාලිමා පාලනය, මාස 13  ඇතුළත එම පැරණි පද්ධතියේම ලක්ෂණ ප්‍රකට කරමින් සිටීම ගැඹුරු දේශපාලනික විශ්ලේෂණයකට බඳුන් විය යුතු මාතෟකාවක් විය යුතුව තිබේ.

ලංකාව ප්‍රකට කරමින් තිබෙන මෙම දේශපාලන නුගුනය අනුර පාලනයටද කලමනාකරනය කරන්නට නොහැකිවන තත්වයක් තුල සුපිලිපන් භාවය පිලිබද දේශපාලනයක අනාගතය පිලිබද අවශ්‍යතාවය බරපතල අගාධයකට වැටෙන බව කිව යුතුව තිබේ.

සහචරවාදයේ පුනරාගමනය: මාලිමා පාලනය සහ දේශපාලන සදාචාරයේ අර්බුදය:

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය යනු කාලාන්තරයක් තිස්සේ පාලක ප්‍රභූ පැළැන්තිය සහ ඔවුන් වටා සිටින සහචරයන් පෝෂණය කරන යාන්ත්‍රණයකි.2022 අරගලයෙන් පසු ජනතාව ඉල්ලා සිටියේ හුදෙක් මුහුණු මාරුවක් නොව, පද්ධතිමය වෙනසකි (System Change). එම සන්දර්භය තුළ බලයට පැමිණි වර්තමාන රජය, තමන් විවේචනය කළ පැරණි ක්‍රමවේදයන්ටම අනුගත වීම මගින් බරපතල සමාජදේශපාලනික අර්බුදයක් නිර්මාණය කරමින් සිටී.

මාලිමා රජය සතු ප්‍රතිපත්තිමය වගවීම සහ ලැදියාවන් අතර ගැටුම:

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලිකාංගයක් වන්නේවගවීම‘ (Accountability) යන්නයි. එවැනි පසුබිමකදී විදුලිබල ඇමතිවරයාට එරෙහිව දූෂණ විරෝධී කොමිසම මගින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබියදීත් ඔහු තවදුරටත් අමාත්‍ය ධුරයේ රැඳී සිටීම, මාලිමාව මීට පෙර පෙනී සිටි දේශපාලන සදාචාරයට පටහැනි වන්නේය.මාලිමා ආන්ඩුව රාජ්‍යයේ ආයතනික ස්වාධීනත්වයට බාධා කරන අන්දම රජයේ ප්‍රධාන හැසිරීම් තුනක් මගින් පෙන්වා දිය හැකිව තිබේ.

ඉන් පලමු වැන්න වන්නේ බලශක්ති අමාත්‍ය වරයා අරබයා අනුර පාලනය අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්තියයි.

අමාත්‍ය මන්ඩලය යටතේ ක්‍රියාත්මක රාජ්‍යයක් යටතේ පවතින අල්ලස් හෝ දුෂන කොමිසම මගින් බලශක්ති ඇමතිවරයාට  එරෙහිව නීතිමය පියවර ගැනීමේදී ( අතීත ක්‍රියාවක් පදනම් කරගනිමින් වුවද) රාජ්‍ය(state) හා රජය( government) අතර ලැදියාවන් අතර ගැටුමක්නිර්මාණය කොට තිබේ.

ඒඅනුව මාලිමා රජය විසින් බලශක්ති ඇමතිවරයා ආරක්ෂා කිරීම සමානවන්නේ අතීතයේ කෙහෙළිය රඹුක්වැල්ල වැනි ඇමතිවරුන් ආරක්ෂා කිරීමට අතීතයේදී පැවති රජයන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙතටය.

වරදක් ඔප්පු වන තුරු නිර්දෝෂී වීමේ අයිතිය නීතිමය කරුණක් වුවද, දේශපාලන සදාචාරය අනුව මෙවැනි අවස්ථාවක ධුරයෙන් ඉල්ලා අස්වීම ශිෂ්ට සම්පන්න පාලනයක ලක්ෂණයකි. එසේම එවැනි තත්වයක් මගින් රාජ්‍ය අරබයා ගොඩනගන ලැදියාවන්ගේ පරස්පරතාවය බරපතල වන්නේය.

දෙවැනි හැසිරීමගල්අඟුරු ටෙන්ඩරය සහ ආර්ථික විනිවිදභාවය:

බංකොලොත් වූ රටක බලශක්ති සුරක්ෂිතතාව ඉතා සංවේදී කරුණකි. දූෂිත බවට චෝදනා එල්ල වූ සමාගම් වෙතම නැවත ටෙන්ඩර් ලබා දීම හරහා පෙනී යන්නේ, පද්ධතිය තුළ මුල් බැසගත් සහචර ජාලයන් (Crony networks) බිඳ දැමීමට වර්තමාන රජය ද අපොහොසත් වී ඇති බවකි.මෙය හුදෙක් මූල්‍ය වංචාවක් පමණක් නොව, රටේ බලශක්ති ස්වෛරීභාවය අවදානමට ලක් කිරීමකි. නමුත් මාලිමා රජය තමන් අතින් සිදුවු අඩුපාඩුව පිලිගනිමින්ම දිගින් දිගටම ක්‍රියාකරමින් සිටින්නේ වරද නිවැරදි කිරීමට නොව දුෂිතයා සහ දුෂිත ක්‍රියාව ආරක්ෂා කිරීමටය.

පෙර පැවති රජයන් ක්‍රියා කරන ලද්දේද මීට සමානවය. ඉදින් මාලිමා රජය ද එලෙසටම තම සුපිලිපන් භාවය කඩකොට දමා තිබේ.

තුන්වන හැසිරීමවරප්‍රසාදිත දේශපාලන සංස්කෘතිය සහ V8 සංකේතවාදය:

ජනතා විමුක්ති පෙරමුණේ මූලික සටන් පාඨයක් වූයේපාලකයන් ජනතාවට වඩා ඉහළින් වැජඹිය යුතු නැතයන්නයි. එහෙත්, ජනතාවට ඉන්ධන සීමා පනවන සහ පිරිමැස්ම ගැන උපදෙස් දෙන රජයක ඇමතිවරුන් අධික පිරිවැයක් දරන සුඛෝපභෝගී රථ (V8) භාවිත කිරීම තුළින් පෙනී යන්නේදේශපාලන ප්‍රභූත්වයතවමත් ජීවමාන බවයි.ජනතාවට පරිත්‍යාගශීලී වන්නැයි පවසන පාලකයා, තමන්ගේ වරප්‍රසාද අත්හැරීමට සූදානම් නැතිනම්, එය සදාචාරාත්මක පාලනයක් නොව හුදු අණපනත් පනවන පාලනයකි.අප අතීතයෙදී අත්දුටුවේ එවැන්නකි. නමුත් ඊට වෙනස්ව කටයුතු කරන බවට සපථ කල මාලිමා රජය අතින්ද එම වැරැද්ද පුනරුච්ඡාරන වන්නේ නම් පුරවැසියාට අත්විදින්නට වී ඇත්තේ වැටත් නියරත් ගොයම් කන අන්දමයසිදුවෙමින් පවතින පරිහානිය නිවැරදි කරගනු වෙනුවට මාලිමා රජය මේවන විට ක්‍රියා කරමින් සිටින්නේ පෙර පැවති පාලනයන් සේම තම අවක්‍රියා සාධාරනීකරනය කිරීමටය.

ප්‍රේමදාස යුගයේ යුනුස් වැනි ශිල්පීන්ට එල්ල වූ ප්‍රහාර සාධාරණීකරණය කළ ආකාරයටම, වර්තමානයේදී ද රජය කෙරෙහි එල්ල වන සාධාරණ සමාජ විවේචනකුමන්ත්‍රණහෝපැරණි පාලකයන්ගේ උසිගැන්වීම්ලෙස හංවඩු ගැසීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් සිටී.මෙය ඉතා භයානක තත්වයකි. දේශපාලන සංස්කෘතියක් අලුත් වන්නේ විවේචනයට ඉඩ දීමෙන් මිස, විවේචකයා දඩයම් කිරීමෙන් නොවන බව අතීත පාලකයන් තේරුම් නොගියේ යම් ලෙසකටද මාලිමා පාලනයටද එය එසේම තේරුම් නොගිය බවක් පෙනෙන්ට තිබේ.එය තමන්ගේ දේශපාලන ව්‍යාපෟතියේ අවසානයද වන්නේය.අනුර පාලනයට පවතින අභියෝගය වන්නේ ආර්ථිකය කළමනාකරණය කිරීම පමණක් නොව, තමන් පොරොන්දු වූපිරිසිදු දේශපාලනයප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි.

සහචරවාදී මඩගොහොරුවෙන් රට ගොඩගැනීමට ආ පාලකයන්, එම මඩගොහොරුවේම කොටස්කරුවන් වන බව පෙනෙන්නට තිබීම අනාගත දේශපාලන ස්ථාවරත්වයට මෙන්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසයට ද එල්ල වන මරු පහරකි.වෙනසක් ඉල්ලා සිටි පුරවැසියාට අවශ්‍ය වන්නේතවත් එක් ආණ්ඩුවක්නොව, සැබෑ ලෙසම වගවෙන සහ අවංක පාලනයකි. එම බලාපොරොත්තුව කඩාබිඳ දැමීම යනු රට නැවතත් අරාජිකත්වයට පාර කැපීමකි.මේ බව අනුර කුමාර ජනාධිපතිවරයාට මාලිමා පාලනයේ අන් කිසිවකුටත් වඩා හොදින් තේරුම් යායුතුව තිබේ.

එසේ නොවන්නේ නම් ඉන් සනිටුහන් කරන්නෙ අනුර පාලනයේ ගමනක අවසානයයි.

  • ශිරාල් ලක්තිලක –

Popular Articles