Top 5 This Week

spot_img

Related Posts

බෙදුම්වාදීන් පිනවීම

2009 මැයි මාසයේදී ශ්‍රී ලංකාව නිල වශයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කළද, ගෝලීය එල්.ටී.ටී.ඊය හා සම්බන්ධිත පිරිස්, හමුදාමය නොවන ක්‍රමවලින් ස්වාධීනදෙමළ ඊලමක්නිර්මාණය කිරීමේ බෙදුම්වාදී අරමුණු ක්‍රියාත්මක කරමින් සිටී.

ඒ සමග, ශ්‍රී ලංකාවේ 2015, 2022 සහ 2024 දි සිදුවූ ආණ්ඩු පෙරලිවලින් පසු, උතුරු නැගෙනහිර පළාත්වල  හමුදා ඉවත් කිරීම්, බුද්ධි අංශ පහත හෙලීම් මගින් රාජ්‍ය ආරක්ෂක පැවැත්ම දුර්වල වීම් සිදුවෙමින් පවතින අතර එම ප්‍රදේශයන්හි පුරාවිද්‍යාත්මක වැදගත් කමක් ඇති සිංහල බෞද්ධ ආගමික සිද්ධස්ථානවල පැවැත්මටද දැඩි පීඩනයන් එල්ල වෙමින් පවතී. උක්ත බෙදුම්වාදී අරමුණු සහ  ආණ්ඩු පෙරලීම් අහම්බයෙන් හෝ හුදකලා වූ සුදුවීම් නොව එය බාහිර උපායමාර්ගික දේශපාලන පීඩනය මත සහ අභ්‍යන්තර දේශපාලන සහ පෞද්ගලික අරමුණු  සපුරා ගැනීම මත සිදුවන්නක් බැව් පිළිබිඹු කරයි.

මෙහිදී, සුප්‍රකටවැනීසියේ වෙළෙන්දානාට්‍යයේ, වෙළෙන්දෙකු වන ඇන්ටෝනියෝ ගෙන් ණයක් සඳහා ඇපයක් ලෙස ෂයිලොක්මස් රාත්තලක්මඉල්ලා සිටි අයුරින්, ස්වාධීනදෙමළ ඊලමක්ම ඉල්ලා සිටින එල්.ටී.ටී.ඊ බෙදුම්වාදීන් සමගඅපේක්ෂාත්මක දේශපාලන ගනුදෙනු කරමින්ඔවුන් පිනවීමට  ගිය දේශීය හා විදේශීය නයකයිනට අවසානයේ අත්වූ ඉරනම් සලකා බැලීම වටී.

1987 දී, එල්.ටී.ටී.ඊ බෙදුම්වාදීන්ට පලාත් සභා, රාජ්‍ය භාෂා ඇතුලු බලතල ලබා දීමට   ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකා රජයට විවිධ බලපෑම් කල ඉන්දියා අගමැති රජීව් ගාන්ධි, 1991 දී, එල්.ටී.ටී.  බෙදුම්වාදීන් අතින්ම ඝාතනය විය. එම ගිවිසුම් අත්සන් කරලීමට පුරෝගාමීව කටයුතුකල, එවකට ඇමති වරයෙකු වූ ගාමිණී දිසානායක මහතා, 1994දී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ප්‍රචාරක කටයුතු කරමින් සිටියදී, එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු මගින් ඝාතනය වූයේය.

ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම අපේක්ෂා කරමින්, එල්.ටී.ටී.ඊ සංවිධානය කෙරෙහි විශ්වාසය තබා, එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අවි සහ පතොරම් ලබා දී තිබුනද, 1990 දී ඉන්දීය සාම සාධක හමුදාව ඉවත් වූ පසු, එල්.ටී.ටී.ඊය රජයට එරෙහිව හැරී, ප්‍රේමදාසගේ නියෝග මත යටත් වූ පොලිස් නිලධාරීන් 600 කට වැඩි පිරිසක් ඝාතනය කළේය. 1993 කොළඹ පැවති මැයි දින රැලියක් අතරතුර ජනාධිපති ප්‍රේමදාස එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ඝාතනය කරන ලදී.

!994 දී බලයට පත් වූ චන්ද්‍රිකා කුමරතුංග මහත්මිද, එල්.ටී.ටී.ඊය සමග විවිද සාම සාකච්ඡා මගින් බලතල බෙදා ගැනීමේ ප්‍රයත්නයන් දැරුවද, 1999දී එල්.ටී.ටී.ඊ ඝාතන උත්සාහයකින් ඇගේ එක් ඇසක් අන්ධ විය.

අනුර කුමාර ජනාධිපතිවරයා ඇතුලු වත්මන් රජය බලයට පත්කිරීමට, ගෝලීය එල්.ටී.ටී.ඊ ය හා සම්බන්ධිත පිරිස් වල සහාය ලැබුන බැව් රහසක් නොවේ.

පසුගිය තෛපොංගල් උත්සවය සැමරීම සඳහා ජනාධිපතිවරයා යාපනයේ කළ සංචාරය විශාල මතභේදයක් ඇති කර තිබේ. ශ්‍රී මහා බෝධිය පසුකරමින් පෝය දිනක සිල් සමාදන් වීමට යයි පවසමින් තිස්ස විහාරය වැඳීමට යාපනයට පැමිණෙන්නේ සිල්ගැනීමට නොව වෛරය පැතිරවීමට යයිද. යලිත් ජාතිවාදයට, ඉඩ දෙන්නේ නැතැයිදයනුවෙන් ජනාධිපතිවරයා පැවසූ බැව් වාර්තාවේ.   ජනාධිපතිවරයා, දැනුවත්ව හෝ නොදැනුවතව මෙවන් ප්‍රකාශයක් මගින් ඇත්ත වශයෙන්ම සිදුකළේ, උතුරේ දෙමළ ජනතාව තුල  වන්දනාවේ එන සිංහල බෞද්ධයන් කෙරෙහි  අනවශ්‍ය වෛරයක් රෝපණය කිරීමෙන්, දකුණෙන් උතුරට යෑම සීමා කරලීමය.

කොළඹ, නිදහස් චතුරස්‍රයේ මෙවර පැවැත්වූ 78 වන නිදහස් සැමරුම් උත්සවයේදි යුද ජයග්‍රහණයක් ගැන හෝ රණ විරුවන් ගැන කිසිදු සඳහනක් කිරීමට ඉඩ නොතබමින් ත්‍රිවිධ හමුදාවේ අභිමානය උදුරා, හුදෙක් සුලි කුණාටුව සහ මත් උවදුර මැඩලීමට උපකාරී වන සොල්දාදුවන් පිරිසක් ලෙස හෑල්ලු කරලීමට පියවර ගෙන තිබූ අයුරු දැකගත හැකිවිය.  එසේ වුවද, රාජ්‍ය දේපල සහ මිනිස් ජීවිත වනසමින් ත්‍රස්තවාදය එල්.ටී.ටී.ඊ ය ටත් පෙර රටට පෙන්වූ , ඊනියා ඉල්මහ විරුවන් මහ ඉහලින් සැමරීමට වත්මන් පාලකයින් පෙළබිම, බරපතල කරුණකි.  

තම රජය කිසිදාජාතිවාදයටහෝඅන්තවාදයටඉඩ නොදෙන බවජනාධිපතිවරයා 78 වෙනි නිදහස් සැමරුම අමතමින් පවසා ඈත. ඒ අතරතුර, ජාතික නිදහස් දින උතුරු නැගෙන හිර බොහෝ ප්‍රදේශ නොසන්සුන් වූ බවත්  දෙමළ බෙදුම්වාදීන් නිදහස් දිනයශෝක දිනයක්ලෙස ප්‍රකාශයට පත් කරමින් කළු කොඩි එසවූ බවත් වාර්තා වේ. ජාතික ජන බල වේගයේ අනුග්‍රහයක් නොමතිව මේ සිද්දිය, මේ ආකාරයට, උතුර නැගෙනහිර සිදුවිය නොහැකි බැව්” ‘දිවයිනසහද අයිලන්ඩ්පුවත් පත් මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක ශමීද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා පවසා තිබේ.

වත්මන් රජය, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් රට මුදවා දුන් නායකත්වයට ලබාදී තිබූ, රජයේ නිවසින් පලවාහැර තිබියදී, එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක ප්‍රභාකරන්ගේ යාපනයේ වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි ප්‍රතිසංස්කරණය කොට ඉදිරි පරපුරට දැක බලා ගැනීම පිණිස, එය ඔහුගේ නැගණිය වෙත බාර දිය යුතු බවට වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාව සම්මත කරගෙන ඇති බවට වාර්තා වේ. එහෙත්, වාර්තාවන අන්දමට, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 33 ක් විසින් දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.) ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇත. ඊට අමතරව, යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 ද එම කණ්ඩායම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නිල වශයෙන් නම් කර ඇත.

රටක ජනාධිපතිවරයා, රටෙහි සෑම පුරවැසියෙකුටම තිබිය යුතුජාතික අභිමානය සහ දේශප්‍රේමය’, ‘ජාති වාදයලෙස හැදින්වීම අවාසනාවකි. ඔහු   ‘ජාතිවාදයටහෝඅන්තවාදයටඉඩ නොදෙන බව මන්ත්‍රයක් මෙන් පැවසුවද, ඔහු කිසිදා, ‘ බෙදුම්වාදය හෝ ත්‍රස්තවාදයටඉඩ නොදෙන බවක් පැවසූ බවක් අප මෙතෙක් අසා නැත. ඔහු සහ ඔහු නායකත්වය දරන දේශපාලන පක්ෂ , ගෝලීය එල්.ටී.ටී.ඊය හා සම්බන්ධිත පිරිස් සමග පවත්වන බැව් පැවසෙන සබඳතාවන් ගැන සිතනවිට එය පුදුමයට කරුනක් නොවේ.

  • සංගදාස අකුරුගොඩ 

Popular Articles