Top 5 This Week

spot_img

Related Posts

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

මෙරට විකල්ප මාධ්‍ය කලාව තුළ ප්‍රබල සලකුණක් තැබූ ‘SL Deshaya’ යූටියුබ් නාලිකාවේ මෙහෙයවුම්කරු, ප්‍රවීණ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් තිස්සේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා, අද (10) උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි.

අහවප්‍රාප්ත වන විට ඔහු 55 වන වියේ පසු විය.

සාම්ප්‍රදායික මාධ්‍ය රාමුවෙන් ඔබ්බට ගොස් සමාජ දේශපාලනික කරුණු විග්‍රහ කිරීම සම්බන්ධයෙන් ඔහු කාගේත් අවධානයට ලක්විය. විශේෂයෙන්ම ‘SL Deshaya’ නාලිකාව හරහා ඔහු ඉදිරිපත් කළ විමර්ශනාත්මක වැඩසටහන් මෙරට ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ දැඩි කතාබහට ලක්විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන දිනය සහ ස්ථානය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

ඒ මහතාගේ වියෝව වෙනුවෙන් Darkroom කණ්ඩායමේ සාතිශය සංවේගය මෙසේ පුදකරමු . !!

Popular Articles