Breaking News – අධිකරණ සාකච්ජා පුස්සක් වෙයි – Dark Room හෙළිදරව්ව සාර්ථකයි
ඊයේ දිනයේ අප විසින් අනාවරණය කල පරිදි අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුව බලපාන බව විශ්වාස කල සාකච්ඡාව මීට ස්වල්ප වේලවකට පෙර අවසන් වි.
පසුගිය සිකුරාදා පස්වරුවේ සාකච්ඡාවේදී හෙලිදරව් වූ ඉතා වැදගත් රහසිගත කරුණු පිළිබඳව ඩාක් රූම් අප හෙලිදරව් කරන ලදි.
එදින අගවිනිසුරු පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ රැස්වීමේදී අගවිනිසුරුවරයා විසින් පැමින සිටි විනිසුරුවරුන් ට දැනුම් දී ඇත්තේ, තමන් යටතේ පවතින ප්‍රසිද්ධ පුද්ගලයන්ට අයත් සියළුම නඩු වාර්තාවල ලැයිස්තුවක් සදුදා [23]දින සවස 4ට පෙර තමන් වෙල ලැබීමට සලස්වන ලෙසයි.
අප අධිකරණ කටයුතු භාර වාර්තාකරු සදහන් කලේ අද රැස්වීම පැවතියද එකී කරුණ ගැන කිසිදු කරුණක් සාකච්ඡාවට බදුන් නොවූ බවයි.
එමෙන්ම අගවිනිසුරු පද්මන් සූරසේන මහතා අද දින සාකච්ඡාවට නොපැමින අතර අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස් සහ විනිසුරු මංජුල තිලකරත්න මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡාව පැවැත්විනි.
රජයේ අරමුණ හැකි ඉක්මනින් මෙම නඩු කටයුතු අවසන් කිරීම බවත් ඒ සදහා කටයුතු කඩිනම් කරන බවත් පසුගිය සිකුරාදා දින දැනුම් දුන්නත් අද දිනයේදී ඒ ගැන සාකච්ඡාවට බදුන් නොවීය.
උසාවි සංකීර්ණයන් හි අඩුපාඩු , ගොඩනැගිලි අළුත්වැඩියාව , විනිසුරුවරුන්ගේ නිවාඩු ගැටළු වැනි අවශේෂ කරුණු පමනක් අද දිනයේ සාකච්ඡාවට බදුන්විය.
දැනට නඩු පවරා ඇති ප්‍රසිද්ධ චරිත වරදකරුවන් කල යුතු බව අග විනිසුරුවරයා අවධාරණය කෙරූ පසුගිය සිකුරාදා සාකච්ඡාව පිලීබද ඩාක් රූම් ප්‍රවෘත්තිය පිලිබඳව අධිකරණ කේෂත්‍රයේ බොහො දෙනා අපෙන් විමසීම් කල අතර ඒ සදහා විශාල අවධානයක් යොමුවිය.
එකී ප්‍රවෘත්තිය පහතින්….