Top 5 This Week

spot_img

Related Posts

කොන්ඩම් ඉවරයි

ශීත ඍතු ඔලිම්පික් 2026 මහා ක්‍රීඩා උළෙල දැන් ඉතාලියේ පැවැත්වෙන අතර උළෙලේ තරඟකරුවන් සඳහා නොමිලේ ලබාදෙන කොන්ඩම්  සලාකය දින තුනක් ඇතුළත වාර්තාගත ලෙස අවසන් වී ඇත.

සැපයුම් දින තුනකින් අවසන් වෙලා, ඔවුන් අපට තවත් කොන්ඩම් ගේන්න පොරොන්දු උනා නමුත් කවදා ගෙනේදැයි කවුද දන්නේ.” ක්‍රිඩකයෙක් ඉතා කනස්සල්ලෙන් පවසා තිබේ.

එසේම මෙවර ඔලිම්පික් සංවිධායකයින්ට දොස් පවරමින්, ඔවුන්පැමිණි සංඛ්‍යා සමඟ විශේෂයෙන් ත්‍යාගශීලීනොවූ බව පවසමින්. “මිට කලින් ප්‍රංශයේ ඔලිම්පික් තිබ්බ. පැරිසියේදී නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොන්ඩම් 300,00 ක් ලැබුනා දිනකට දෙකක් බැගින්  නමුත් මෙම ශීත ඍතු ක්‍රීඩා උළලේ සලාකේ කපල 10,000 ක්වත් ගෙනල්ල නෑ ” La Stampa ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන් වේ.

සැබෑ තත්වය ගත් විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ චෝදනාව පදනම් විරහිත වන්නේ ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000 කට අඩු සංඛ්‍යාවක් තරඟ වදින අතර, එය වසර දෙකකට පෙර පැරිස් ක්‍රීඩා උළෙලේදී එම ප්‍රමාණය10,500 ක් පමණ වූ නිසාය.

පසුගිය සතියේ ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ ආණ්ඩුකාර ඇටිලියෝ ෆොන්ටානා අවධාරනය කළේ මෙම මාතෘකාව අපහසුතාවයට හේතුවක් නොවිය යුතු බවයි. “ඔව්, අපි ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ කොන්ඩම් සලාකය ලබා දෙනවා ඔවුන් අපහසුතාවයට පත් කරන්නේ නෑ. මෙවර හිතුවටත් වඩා ඔවුන් පාවිච්චි කරලාඔහු සමාව ඉල්ලමින් සමාජ මාධ්‍ය සටහනක සඳහන් කළේය.

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීම පිළිබඳව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තරුණයින් අතර දැනුවත්භාවය ඇති කිරීම සඳහා මෙම කොන්ඩම් සලාක වැඩපිළිවෙල දකුණු කොරියාවේ සෝල් හි 1998 දී ආරම්භ විය.

ස්පාඤ්ඤ ක්‍රීඩිකා ඔලිවියා ස්මාර්ට් විසින් ඉන්ස්ටග්‍රෑම් සටහනක් ද බෙදා ගත් අතර, එහි ඇය තම අනුගාමිකයින්ට කහ පැහැති ලොම්බාර්ඩි කලාප ලාංඡනය සහිත මුද්‍රා තැබූ කොන්ඩම් එකක් පෙන්වාමට ඒවා හම්බ උනාඇය ඉතා සතුටින් එම වීඩියෝ ක්ලිප් එකේ පවසන අතර එය සමාජ මාධ්‍ය පුරා පැතිරගොස් (වයිරල් වී) තිබේ.

රවී දේශප්‍රියගේ සටහනක්

Popular Articles