Top 5 This Week

spot_img

Related Posts

චීන සමාගමකින් ආණ්ඩුවේ ඇමතිවරයකුට පගාව

ශ්‍රී ලංකාවට බස්රථ  ගෙනා චීන සමාගමකින් වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකුට අල්ලසක් ලබා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සදහන් කරයි.

මෙහිදී ටෙන්ඩර් ලබාදීමට පෙර මෙම චීන සමාගමේ නිලධාරීන්ව මෙම ඇමතිවරයා මුණගැසී ඇත.සාමාන්‍යයෙන් ටෙන්ඩර් ප්‍රදානය කිරීමට පෙර අමාත්‍යවරුන් ටෙන්ඩර් ඉදිරිපත් කල  සමාගම් හමුවීම නීති විරෝධී වේ.

මෙහිදී එම චීන සමාගම අමාත්‍යවරයාට අල්ලස් ලෙස මුදල් මෙන්ම බස්රථ හතරක්ද ලබා දී ඇත.මෙහිදී බස් සියයක් මිලට ගැනීමේදී බස්රථ හතරක් පමණක් ලබා ගැනීම ගැන අමාත්‍යාංශයේ නිලධාරීන් විශ්මය පල කර ඇත.

අල්ලස් ලබාදීමට කටයුතු කල චීන සමාගමට ටෙන්ඩර් ලබාදීමද විශාල වරදක් බව එම නිලධාරීන් පෙන්වා දෙති.

Popular Articles