හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු හට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා.
සමකාමි අරගලය වත්මන් පාලකයන් විසින් වෛරී සහ කැරැල්ලක් දක්වා රැගෙන යාමේ ප්‍රතිපලයක් ලෙස නිට්ටඹුව ප්‍රදේශයේ දී හිටපු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කළ බව සඳහන් කරමින් විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (11) යළි ගම්පහ මහාධිකරණයේ දී කැඳවනු ලැබූ අතර, එහි දී මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.
ඊට අමතරව, ඝාතනයට ලක්වූ හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ වෙනුවෙන් සහ පොලිස් නිලධාරියා වෙනුවෙන් රු. 50,000 බැගින් වන්දි ගෙවන ලෙස අත්හිටවූ සිර දඬුවම් ලැබූ වරදකරුවන්ට නියම කෙරිණි.

ඉකුත් 2022 වසරේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන, මන්ත්‍රිවරයාගේ මෝටර් රථයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගි වී ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියා.
නිට්ටඹුව නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් අතරට පැමිණී කිහිප දෙනෙකු “ඔය යන්නේ අපේ දෙවල් හොරකම් කරපු හොරුන්ගේ එකෙක්” යැයි කියමින් ජනතාව කුලප්පු කර ඇති අතර පසුව අදාල පිරිස ඔවුන් දෙදෙනාට අමානුෂික අන්දමින් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කළ අතර එම පහරදීම ආරක්ෂක කැමරාවල (CCTV) සටහන්ව තිබුණා.
අමරකීර්ති අතුකෝරළ නම් මන්ත්‍රීවරයාට කිසිදු චෝදනාවක් නොමැති අතර මිලේච්ඡ අපරාධකරුවන් ට ඔහු මරා දැමීමට හේතු වු එකම කරුණ ඔහු මන්ත්‍රී වරයෙක් වීම සහ ඔහුගේ නිල රථයෙන් මහමග ගමන් කිරීම පමණි.


2022 වසරේ මැයි 9 වැනිදා… රටම මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුද හමුවේ කැළඹීමට ලක්ව සිටි ජනතාව දඩමිම කරගනිමින් රටම ගිනිබත් කල ජනතා විමුක්ති පෙරමුණ අද මාලිමාවට මුවාවි බලය අල්ලාගෙන සිටි.බලය අල්ලා ගැනිම සදහා ජනතාව මත වෛරය පතුරුවා එවකට බලයේ සිටි පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරිම දක්වා ජනතාව මෙහෙය වු ජවිපෙට දඬුවම් ලැබෙන්නේ කවදාද? ඒ දිනය සහ දඬුවම තීරණය කල යුත්තේ රටේ ජනතාවමය.
2022 මැයි 09 රාජපක්ෂවරුන්ගේ මැර කල්ලි නමින් පෙනී සිටි පිරිසක් කොළඹ ගෝල්ෆේස් හී පැවති සාමකාමී අරගල භූමියට පහර දීමෙන් පසු රටම යුධ බිමක් බවට පත්වූ අතර එය ප්‍රයෝජනයට ගත් ජවිපෙ සහ මාලිමා සාමාජිකයින් ස්වාධීන ජනතා අරගලයට රිංගා ගනිමින් එහි බලය සියතට ගෙන අරගලයේ මූලික අරමුණු වලට පටහැනිව ක්‍රියාකොට ජනතාව අතර වෛරය පතුරුවන්නට සමත් විය.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙන් පිරිසක් විසින් අරගල භූමියට රිංගාගනිමින් කැළඹිල් සහගත තත්ත්වයක් ඇති කළ අතර ඊට මුවාවී ඔවුන් විසින් විපක්ෂ නායකවරයාටද තවත් මන්ත්‍රීවරුන් පිරිසකටද පහරදී ඝාතනය කිරීමට උත්සාහ දරනු ලැබීය.
රාජපක්ෂ‘ලාගේ මුග්ධ ක්‍රියාකලාපය හේතුවෙන් රටම යුද පිටියක් වූ අතර එයින් ප්‍රයෝජනයට ගත් කැරලිකාරී ජවිපෙ සාමාජිකයින් රට පුරා තැනින් තැන ගිනිතැබීම් සිදුකරමින් මැති ඇමතිවරුන්ගේද නිවාස ගිනි තබා වනසමින් බිහිසුණු ක්‍රියාකාරකම්වල නිරත වූහ. ඒ අනුව නිට්ටඹුවේදී අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා ඝාතනය වූවේද එවැනි පිරිසක් අතින් බව ගරු අධිකරණයේදී මේවන විට පැහැදිලිවම තහවුරු වී තිබේ.

