Top 5 This Week

spot_img

Related Posts

උසස් පෙළ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ

2026 වර්ෂයට අදාළ ප්‍රධාන පාසල් විභාග පැවැත්වෙන දින වකවානු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

එමෙන්ම, 2025 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඉතිරි විෂයන් සඳහා වන පරීක්ෂණ ලබන සඳුදා සිට නැවත ආරම්භ කරන බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර, ඒ සම්බන්ධයෙන් වන විභාග කාලසටහන නිකුත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේගේ අත්සනින් නිකුත් කළ නිවේදනයට අනුව, මෙතෙක් පවත්වා නොමැති විෂයන් සඳහා වන විභාග කටයුතු 2026 ජනවාරි මස 12 වන දින සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර අවසන්.

විභාග කාල සටහන පහතින්,

 

Popular Articles