Top 5 This Week

spot_img

Related Posts

කතානායකට නීතිපතිත් නෑ

පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පරිපාලන නීතියේ හා ස්වාභාවික යුක්ති මූලධර්ම වලට පටහැනිව නිතීවිරෝධී ලෙස සිදුකර ඇති තමාගේ වැඩ තහනමට එරෙහිව කථානායකයවරයා ඇතුළු වග උත්තරකරුවන්ට විරුද්ධව  අභියාචනාධිකරණයේ පවරා තිබුණ නඩුව අද දින තෙවන වරටත් කැඳවන ලදී.

මෙහිදී පෙත්සම්කාර නියෝජ්‍ය මහලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා විසින් ප්‍රකාශ කරන ලද්දේ නීතිපතිවරයාගේ දැනුම්දීම මත සමථයක් සලකා බැලීම සදහා අද දින මේ නඩුව කැදවා ඇති බවයි.

මෙම පෙත්සම මගින් හිටපු නියෝජ්‍ය මහලේකම්වරයා විසින් කරුණු දක්වා ඇත්තේ වර්තමාන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාවිසින් යම් යම් සිද්ධීන් සමුදායක් හේතුවෙන් තමා කෙරෙහි ඇති කරගත් පෞද්ගලික ද්වේශයක් හේතුවෙන් කථානායකවරයා  වෙත නොමැති බලයක් ආරෝපණය කර ගනිමින් නිතිවිරෝධී ලෙස තමාගේ වැඩ තහනමට ලක්කර ඇති බවයි.

ඒ අනුව එකී නීති විරෝධී වැඩ තහනම ඉවත් කර තමා නැවත සේවයේ පිහිටුවන ලෙස නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් මෙම පෙත්සම මගින්  ඉල්ලා ඇත.

මීට පෙර මෙම නඩුව කැදවු අවස්ථා දෙකේදී නීතිපතිවරයා කථාකායකවරයා වෙනුවෙන් පෙනී සිටින ලදී. නමුත් අද දින  රජයේ නීතිඥ අභිගේල් ජයකොඩි මහත්මිය විසින්  අභියාචනාධිකරණය හමුවේ දැනුම් දෙන ලද්දේ මින් ඉදිරියට දෙවන වගඋත්තරකාර කථානායකවරයා වෙනුවෙන් නිතීපතිවරයා පෙනී නොසිටින බවයි.

ඒ අනුව කථානායකවරයා විසින් පෞද්ගලික නීතිඥ සහය ලබා ගෙන ඇති අතර, ජනාධිපති නීතිඥ කේ.කනගේෂ්වරන් මහතා විසින් තමා දෙවන වග උත්තරකරු වන කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටින බව අධිකරණයට දැනුම්දෙන ලදී.   

මෑත කාලයේදි බලයේ සිටින කතානායකවරයෙකු වෙනුවෙන් නීතිපතිවරයා පෙනි නොසිටි පළමු අවස්ථාව මෙය වේ.

ඒ අනුව මෙම නඩුවේදී වර්තමාන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සභා නායක බිමල් රත්නායක මහතා හා කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා යන රජය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගෙන් කිසිවෙකු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටීම සුවිශේෂි තත්වයකි. සාමාන්‍යයෙන් රජය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින්නේ ඔහුගේ උපදෙස් අදාළපාර්ශවයන් විසින් පිළිනොගන්නා නිසා හෝ නඩුවට අදාළ නෛතික ප්‍රතිපාදන අනුව නඩුව පවත්වාගෙන යාම වගඋත්තරකාර පාර්ශවයන්ට අවාසි සහගත වන්නේ නම් පමණක් වන බවට නීති විශාරදයන්ගේ මතයයි.  

පසුගිය නඩු දිනයේදි නීතිපතිවරයා විසින් යෝජනා කරන ලද සමථයට කතානායකවරයා එකඟ නොවීම හේතුවෙන් මෙසේ නීතිපතිවරයා විසින් මෙම නඩුවේදී කතානායකවරයා වෙනුවෙන් ඉදිරියට පෙනි නොසිටි බව ආරංචි මාර්ග මගින් පැවසේ.මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ගරු රොහන්ත අබේසූරිය මහතා හා විනිසුරු ගරු කේ.පී. ප්‍රනාන්දු මහතා හමුවේ කැදවන ලදි.

මෙහිදි වගඋත්තරකාර පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතාද පාර්ලිමේන්තු සහකාර මහලේකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා සමගින් නීතිඥ සුරෙන් ඥනරාජ් මහතාද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා හා හිටපු විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිසත් විජයගුණවර්දධන මහතාද, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රරි මහතා ද හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා ද හිටපු සභානායක සුනිල් ප්‍රේමජයන්ත මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාද පෙනී සිටින ලදී.

වගඋත්තරකාර සභානායක බිමල් රත්නායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජ්ල් හැච් මහතාද හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතාද කථානායක පුද්ගලික ලේකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පෙනි සිටින ලදී.

Popular Articles